මරණ සහතිකය ලියවෙන්නට ගොස් යලි හුස්මගත් අවසන් සිලනිකාව

කෲඩියා සිලනිකා, දේවානී ජයතිලක සහ නිතිය 

61 mins read

කෲඩියා සිලනිකා, දේවානී සහ නිතිය 

වඳවී යලි හමුවුනු Sri Lanka Legume ( Crudia zeylanica) ශාඛය,අවිනිශ්චිතතා, සංකූලතා සහ සංඝට්ටන ලොවින් වඳවී තිබෙන බවට ලෝක සංරක්ශන සංගමයේ(IUCN) 2006 වාර්තාවෙන් සහ වඳවී ගොස් තිබෙන බවට ජාතික රතු දත්ත ලේඛනයේත් සඳහන් #Crudia #zeylanica ශාකය යලි සොයා ගැනීම බොහෝ කථාබහට ලක්වූවකි.මේ ශාඛ (ගස්) දෙකක් පමනක් තිබීම,ඒ දෙකම එකම ස්ථානයක වීම සහ විශේශයෙන්ම ඒ ස්ථානය යෝජිත කොලඹ-නුවර අධිවේගී මාර්ගයට නතු වන ස්ථානයක් වීම මත එම ශාකය යලිත් තුරන්ව යාමේ විශාල අවදානම මේ කතිකාවත සඳහා පාදක හේතූන් වේ.

ලෝකයෙන් තුරන් වුනු බව සදහන් ලංකාවට ආවේනික ශාඛය පිළිබද පරිසරවේදී ප්‍රදීප් රාජදේව මහතාගේ සටහන..

1868දී මුලින්ම සොයාගත් මේ ශාකයේ නියැදියක් යලිත් 1911 හමුවී තිබෙන බව සඳහන් වේ.ඉන් පසුව මේ විශේෂය පිලිබඳ සොයාගත් සඳහනක් නොමැත.මේ ශාකය 1988 වඳවීගියා සේ සැලකෙන්නේ කුමන පදනමකින්ද යන්න මේ නිසා ගැටලුවකි.නමුත්,2006 අන්තර්ජාතික රතු දත්ත නාමාවලියේ (Red Data List) මෙය ලොවින් වඳවීගිය(Extinct(EX)) ශාක විශේෂයක තත්වයෙන් දක්වා තිබේ.එමෙන්ම,2012 ජාතික රතුදත්ත නාමාවලියද (National Red Data list) මෙය වඳවීගිය ශාකයක් ලෙස (Extinct(EX)) දක්වා තිබේ.එම ශාකය තෙත් කලාපයේ පහත් බිම්වල විශාලව වැඩෙන ශාකයක් ලෙස එහි විස්තර කර ඇත.
මේ ශාකය වනසත්ව හා වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 42 වන වගන්තිය යටතේ තිබෙන viii වන උප- ලේඛනයේ ඇතුලත් ආරක්ශිත ශාකයකි.ඒ නිසා ශාඛයක් විනශකිරීම හෝ හානිකිරීම තහනම් වේ. මේ නිසා ශාඛයේ ආරක්ශාව සහ පැවැත්ම තහවුරු කරලීමේ විශාල වගකීමක් වනජීවී සංරක්ෂන දෙපාර්තමේන්තුවට පැවරේ.එම දෙපාර්තමේන්තුව යුහුසුලුව මේ ගැන අවධනය යොමුකිරීම සතුටට කරුණකි.
මේ ශාකය නැවත සොයාගත් ස්ථානය අදිවේගී මාර්ගයේ කොටසක් වීමට යෝජිතය.මේ මාර්ග ව්යාපෘති යෝජක (Project Proponent) වන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය වේ.ඔවුන් මේ සඳහා විශේශඥයන් සහ විද්යාඥයන් පිරිසක් යොදා ගෙන පාරිසරික තක්සේරු වාර්තාවක් {Environmental Impact Assessment)(EIA)} සිදුකර ඉන් පසු එම ව්යාපෘතියට ව්යාපෘති අනුමත කරන ආයතනය ලෙස ක්රියාකල මධ්යම පරිසර අධිකාරියේත් අනුමැතිය ලබාගෙන බොහෝ කල් ගතවී තිබේ.
මෙහිදී එක්වරම නැගෙන ප්රශ්නය නම්,පාරිසරික බලපෑම් තක්සේරුවේදී මේ ශාකය හමු නොවුනේ මන්ද යන්නයි. එමගින් මෙම වාර්තා පිලිඹඳ කලක් පුරා තිස්සේ පවතින විවේචන,විශේශයෙන්ම ඒවායේ ගුණාත්මක බව සහ විශ්වාසනීයත්වය පිලිඹඳ ගැටලු විශාල වශයෙන් යලිත් වරක් තහවුරු වී තිබේ.
මේ ව්යාපෘතිය වෙනුවෙන් කටයුතු කල විද්යාඥයන් මේ ප්රදේශ නිසියාකාරව සමීක්ශනයක් කලේද යන්න,කලා නම් ඒ ඔවුන් විසින්ද නොඑසේ නම් තුන්වන පාර්ශ්ව විසින්ද,නැතිනම් මේ ඉතා වැදගත් තොරතුරු චේතනාන්විතව සඟවන ලද්දේද් යන්න මේ ප්රශ්න වේ.එමගින් පෙනෙන්නේ විද්යාඥයන් වෙත කිනම් කෝනයෙන් බැලුවත් වරදකාරී වගකීමක් පැවරෙන බවයි.
මේ වාර්තාව සකසන ලද්දේ මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවෙන් සහ එහි අවශ්යතාවය මතය.එය අනුමත කරවා ගත්තේද ඔවුන් වෙනුවෙනි.එනිසා වගකීමේ විශාල කොටසක් ඔවුන් වෙත අනිවාර්යයෙන් පැවරෙනවා පමණක් නොව ශාඛයත් රැකගෙන,තමන් අතින්වූ බලවත් දෝශයත් හානිපූර්නය කරගෙන ව්යාපෘතිය කරන්නේ කෙසේද යන්න විසඳිය යුත්තේ ඔවුන් විසින්මය.
නව තොරතුරු නිසා සිදුවූ වෙනස් තත්වය හමුවේ ගතයුතු පියවර සඳහා ව්යාපෘති යෝජකගෙන් කරුනු විමසා බලා සුදුසු ක්රියාමාර්ග සඳහා යොමුකිරීම ව්යාපෘති අනුමත කරන ආයතනය වන මධ්යම පරිසර අධිකාරියේ විශාල වැදගත් වගකීමකි.ඔවුන් 2019.12.02 දිනදීම අදාල විමසීම් කර තිබෙන බව අද දැනගතිමි.එයත් සතුටට කරුවකි.
මේ ශාඛ් විනාශ කිරීම හෝ හානි කිරීම දඞුවම් ලැබිය හැකි වරදක් නිසා මේ තත්වය හමුවේ මේ ශාඛ වලට හානිකර ලෙස ක්රියා කිරීමට මාර්ග සංවර්ධන අධ්කාරියට නීතිමය බාධා පවතී.ඔවුන් ව්යාපෘතිය ඉදිරියට ගෙන යාමේදී මෙම ශාඛය කෙසේ ආරක්ශා කරන්නේද යන්න පහදා දියයුතු වේ.එය ව්යාපෘති යෝජක ආයතනයේ ඒකායන වගකීමකි.එම වගකීම වනජීවී සංරක්ශන දෙපාර්තමේන්තුවට හෝ මධ්යම පරිසර අධිකාරියට පවරාදීමට නොහැක.
වනජීවී සංරක්ෂන දෙපාර්තමේන්තුවට හා මධ්යම පරිසර අධිකාරියටද විශාල වගකීමක් තිබේ.ඒ මේ ශාක විශේශය මෙම ව්යාපෘතිය නිසා වඳවීයාමෙන් මුදවාගෙන මේ ශාකය මතු පරපුරටත් හිමිකර දීමයි.
අවසන් වශයෙන් මේ සිද්ධිය නැවත වරක් අවධාරනය කරන්නේ නිසියාකාර පාරිසරික තක්සේරු වාර්තාවක් පිලියෙල වීමේ වැදගත් කමයි.එහි වරදකාරිත්වය පැවරෙන්නේ ව්යාපෘති ප්රදේශයේ ජෛව විවිධත්වය( විශේශයෙන්ම උද්භිද විවිධත්වය) අධ්යයනය කල විද්යාඥයින් වෙතය.වග කිවයුතු ආයතනය වන්නේ එම විද්යාඥ සේවය ලබාගත් මාර්ග සංවර්ධන අධිකාරියටය.නමුත්,එදා හරියාකාර අධ්යයනයක් කලේ නම් මෙම ශාඛය යලි සොයාගත් ගෞරවය එම කන්ඩායමේ විද්යාඥයන්ට හිමි වන්නට තිබුනා පමනක් නොව වර්තමානයේ නොවිසඳී පවතින සංකූලතාවයන්, අවිනිශ්චිතතාවයන් හා සංඝට්ටන තත්වයන් පැන නොනගිනු ඇත.
සිදු විය යුතුව තිබුනු සහ අනාගතයේදීවත් සිදු විය යුතු ප්රශස්ථ තත්වය වන්නේ මෙයයි.මෙම ශාකය පිළිබඳව ලැබුණු තොරතුරක් මත මුලින් ම හඳුනාගනු ලැබ ඇත්තේ, හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ නමැති පරිසරවේදියාය.

දේවානී ජයතිලක සතු බලතල

පිළිබද ආචාර්ය ජගත් ගුණවර්ධන තැබූ සටහන…

ලෝකයට ඉතිරි වී ඇති පැරණිතම කෲඩියා සිලනිකා ශාකය ලෙස හඳුනාගෙන ඇති ශාකය ආරක්ෂා කර ගැනීම සඳහා ගම්පහ දිසා වන නිලධාරිනී දේවානී ජයතිලක මහත්මිය මැදිහත් වීම පිළිබඳව විවිධ අදහස් පළවෙමින් පවතී.
ඇතැමෙකු චෝදනා කළේ, ඇය සිය බලතල පිළිබඳව අවබෝධයකින් තොරව අනව්‍යශ ආකාරයට 'ඉස්මතු වීම' සඳහා උත්සහ දැරූ බවය.
ඒ පිළිබඳව අමාත්‍ය සී.බී. රත්නායක මහතා ද පාර්ලිමේන්තුවේදී පවසා තිබිණි.
දේවානී ජයතිලක මහත්මිය ක්‍රියා කළේ, සිය බලතලවල සීමාව ඉක්මවා යමින් ද?
ඇයට පරිසරය ආරක්ෂා කිරීම සඳහා ඇති බලතල පිළිබඳව පරිසරවේදී නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි විශේෂ සටහනක් තබා තිබේ.
එම සම්පූර්ණ සටහන පහත දැක්වේ.
"මේ දිනවල කතාබහට ලක්ව තිබෙන සිද්ධියක් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය පසුගිය ඉරිදා Crudia zeylanica ගස බේරා ගැනීම පිණිස කළ මැදිහත්වීම වේ.
එම ක්‍රියාව කිරීමට ඇයට නීතිමය බලතල නැති බවට සහ එය තමන් සතු බලය ඉක්මවා කටයුතු කර තිබෙන බවට යම් පාර්ශව විසින් අදහස් දක්වනු ලැබ තිබෙන බවට කෙරෙන විමසුම් වෙනුවෙන් මෙම ප්‍රතිචාරය පළ කරමි.
වන සංරක්ෂණ ආඥා පනතේ 60 වන වගන්තිය අනුව එම දෙපාර්තමේන්තුවේ සියලු ම වන නිලධාරීන් සාම නිලධාරීන් බවට පත්කර තිබේ.
ඒ අනුව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ විවිධ වගන්ති මගින් සාම නිලධාරීන් වෙත පිරිනමා තිබෙන බලතල ක්‍රියාත්මක කිරීමට වන නිලධාරීන්ටත් පූර්ණ බලතල හිමිව තිබේ.
අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 32 වන වගන්තියට අනුව යම් සංඥේය වරදක නිරත වන අයෙකුව වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගැනීමේ බලතල තිබේ.
මීටත් වැඩිමනත් බලතල එහි 35 වන වගන්තියේත් තිබෙන මුත්, එය මේ අවස්ථාවේ විග්‍රහ කිරීම අවශ්‍ය නොවනු ඇත.
වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 67 ආ වගන්තිය අනුව එම පනතේ සියලු වරදවල් සංඥේය වරදවල් ලෙස නම්කර තිබේ.
මේ ශාකය වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 42 වන වගන්තිය යටතේ තිබෙන 8 වන උප ලේඛනයේ ඇතුළත් නිසා ආරක්ෂිත ශාක විශේෂයකි.
එසේ හෙයින්, මෙම අවස්ථාවේදී අදාළ ගස්වලට හානිකර ක්‍රියාවන්හි යෙදී සිටි පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීමට පවා අවශ්‍ය බලතල තිබිණි. නමුත්,එහිදී එවන් දැඩි පියවරක් නොගෙන තිබීම විශේෂත්වයකි.
මීට අමතරව වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 66 වන වගන්තිය අනුව එම පනත ක්‍රියාත්මක කිරීමට බලය ලැබෙන නියමිත නිලධාරීන් පත්කිරීමේ බලතල තිබේ. ඒ අනුව 1947-09-24 දිනැති අංක 9773 දරන ගැසට් පත්‍රයේ පළකරන ලද නියෝගයක් මගින් වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ බලතල ක්‍රියාත්මක කිරීමේ බලය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන් ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් ලබා දී තිබේ. එසේ ම වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 66 වන වගන්තිය යටතේදී පසු කාලීනව එම බලතල පොලීසියටත් හිමිව තිබේ.
ඉහතකී 1947-09-24 දිනැති අංක 9773 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාරව පවරා තිබෙන බලතල මගේ නීතිඥ වෘත්තිය කාලය තුළ ප්‍රථම වරට ක්‍රියාත්මක කරනු ලැබුවේ, දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතා විසින් 1990 දශකයේදීය. (මට මතක තරමින් 1996දී). ඒ නුවරඑළියේදී නීතිවිරෝධී ලෙස එකතු කර ගත් ගිනිහොට (Tree Fern) ශාක වැටලීමක් සහ සැකකරුවන්ව වරදකරුවන් බවට පත්කරමින් සාර්ථකව නිමාවූ නඩු කටයුත්තක් වූ සිද්ධියෙනි.
ඉන් පසුව ගෙවී ගිය දශක දෙකකටත් අධික කාලයේදී මෙම නියෝගය අනුව ක්‍රියා කරමින් සාර්ථකව වනජීවීන් රැක ගැනීමට ක්‍රියාකළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගණනාවක් ම සිටිති.
මේ නිසා මෙය ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත ආරක්ෂා කර ගැනීම පිණිස වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන අගනා දායකත්වයේ ආසන්නතම සහ ප්‍රකට ම සිද්ධියත් වේ.
එබැවින් මෙම සිද්ධියේදී නිවැරදි ආකාරයන් ක්‍රියාත්මක වූ දේවානි මහත්මියට මගේ ප්‍රශංශාව සහ ප්‍රණාමය පිරිනමන්නෙමි."රාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 32 වන වගන්තියට අනුව යම් සංඥේය වරදක නිරත වන අයෙකුව වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගැනීමේ බලතල තිබේ.
මීටත් වැඩිමනත් බලතල එහි 35 වන වගන්තියේත් තිබෙන මුත්, එය මේ අවස්ථාවේ විග්‍රහ කිරීම අවශ්‍ය නොවනු ඇත.
වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 67 ආ වගන්තිය අනුව එම පනතේ සියලු වරදවල් සංඥේය වරදවල් ලෙස නම්කර තිබේ.
මේ ශාකය වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 42 වන වගන්තිය යටතේ තිබෙන 8 වන උප ලේඛනයේ ඇතුළත් නිසා ආරක්ෂිත ශාක විශේෂයකි.
එසේ හෙයින්, මෙම අවස්ථාවේදී අදාළ ගස්වලට හානිකර ක්‍රියාවන්හි යෙදී සිටි පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීමට පවා අවශ්‍ය බලතල තිබිණි. නමුත්,එහිදී එවන් දැඩි පියවරක් නොගෙන තිබීම විශේෂත්වයකි.
මීට අමතරව වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 66 වන වගන්තිය අනුව එම පනත ක්‍රියාත්මක කිරීමට බලය ලැබෙන නියමිත නිලධාරීන් පත්කිරීමේ බලතල තිබේ. ඒ අනුව 1947-09-24 දිනැති අංක 9773 දරන ගැසට් පත්‍රයේ පළකරන ලද නියෝගයක් මගින් වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ බලතල ක්‍රියාත්මක කිරීමේ බලය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන් ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් ලබා දී තිබේ. එසේ ම වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 66 වන වගන්තිය යටතේදී පසු කාලීනව එම බලතල පොලීසියටත් හිමිව තිබේ.
ඉහතකී 1947-09-24 දිනැති අංක 9773 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාරව පවරා තිබෙන බලතල මගේ නීතිඥ වෘත්තිය කාලය තුළ ප්‍රථම වරට ක්‍රියාත්මක කරනු ලැබුවේ, දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතා විසින් 1990 දශකයේදීය. (මට මතක තරමින් 1996දී). ඒ නුවරඑළියේදී නීතිවිරෝධී ලෙස එකතු කර ගත් ගිනිහොට (Tree Fern) ශාක වැටලීමක් සහ සැකකරුවන්ව වරදකරුවන් බවට පත්කරමින් සාර්ථකව නිමාවූ නඩු කටයුත්තක් වූ සිද්ධියෙනි.
ඉන් පසුව ගෙවී ගිය දශක දෙකකටත් අධික කාලයේදී මෙම නියෝගය අනුව ක්‍රියා කරමින් සාර්ථකව වනජීවීන් රැක ගැනීමට ක්‍රියාකළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගණනාවක් ම සිටිති.
මේ නිසා මෙය ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත ආරක්ෂා කර ගැනීම පිණිස වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන අගනා දායකත්වයේ ආසන්නතම සහ ප්‍රකට ම සිද්ධියත් වේ.
එබැවින් මෙම සිද්ධියේදී නිවැරදි ආකාරයන් ක්‍රියාත්මක වූ දේවානි මහත්මියට මගේ ප්‍රශංශාව සහ ප්‍රණාමය පිරිනමන්නෙමි."




Previous Story

විශ්වයට පිවිසුමක් ලංකාවෙන් නාසා සොයා ගනී.

Next Story

ඇනිටා පෙහෙලිකල, ඔබාමා දිනාගත් කළු රුහිරේ යටපත්නොවූ අභිමානය

Latest from Blog