මහ බැංකුව පොලී අනුපාත ඉහළ නංවයි (වීඩියෝ)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් ඒකක 100කින් ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය සියයට 6.5 දක්වා ඉහළ යන බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

ස්ථාවර නිකුතු පහසුකම් අනුපාතය සියයට 7.5 දක්වා ඉහළ යනවා.

මීට අමතරව ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අදාළ වන වාර්ෂික පොලී අනුපාතිකය සියයට විස්සක් දක්වා ඉහළ නංවා ඇති අතර, තාවකාලික අයිරා පහසුකම් සඳහා අනුපාතය සියයට 18 දක්වා ඉහළ යනවා.

එමෙන්ම උකස් පහසුකම් සඳහා වන වාර්ෂික අනුපාතයද සියයට 12 දක්වා ඉහළ නංවා ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ.

මේ අතර, අත්‍යවශ්‍ය නො වන සහ හදිසි නො වන ප්‍රාග්ධන ව්‍යාපෘති කල් දැමීමට, උපායමාර්ගික නො වන සහ ඌන උපයෝගිතා වත්කම් නිරීක්ෂණය කිරීම සහ විදේශ මූල්‍යකරණය සහ ණය නො වන විදේශ විනිමය ගලා ඒම හදිසි පදනමක් මත කල් දැමීමට ද මහ බැංකුව රජයට උපදෙස් දී තිබෙනවා.

ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වැඩි කිරීම වහාම සලකා බලන ලෙසත්, පිරිවැය පිළිබිඹු කිරීමටත් මහ බැංකුව මින් දැනුම් දී තිබෙනවා.

Next Post

පාර්ලිමේන්තු කටයුතු සිදු වන අයුරු ගැන විමල් කියයි

Fri Mar 4 , 2022
තමා සහ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරියේදී කටයුතු කරන ආකාරය ගැන පක්ෂ නායක රැස්වීමේදී අද තීරණය කරන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

සබැඳි පුවත්

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.