විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ පහතට

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවූ ප්‍රේෂණ මේ වසරේ ජනවාරි මාසයේදී පසුගිය වසරට සාපේක්ෂව සියයට 61.6 කින් පහත වැටී තිබෙනවා.

මහ බැංකුව නිකුත් කළ නවතම දත්තවලට අනුව ජනවාරි මාසයේදී එලෙස ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 259.2ක්.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නිල නොවන මාර්ග හරහා ඉහළ අනුපාතයක් යටතේ මුදල් එවීමට පෙළඹීම මෙලෙස ප්‍රේෂණ පහත වැටීමට හේතුවක් ලෙස සැළකෙනවා.

මහ බැංකුව විසින් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන අතර, ඩොලරයක විකිණුම් මිල සටහන් වන්නේ රුපියල් 203 ක් ලෙසයි.

ප්‍රේෂණ දිරිගැන්වීමේ පියවරක් ලෙස ඩොලරයක් සඳහා අමතර රුපියල් 10 ක් ගෙවීමට මහ බැංකුව වානිජ බැංකුවලට අවසර ලබාදී තිබුණද මුදල් හුවමාරු වෙළඳපාලේ ඒ සඳහා රුපියල් 245ක පමණ අනුපාතයක් ලැබෙන බවයි වාර්තාවන්නේ.

Next Post

ඇමැති වාසුත් ඉවත් වෙයි?

Fri Mar 4 , 2022
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක සහ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ද සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.