විමල් ට සහ ගම්මන්පිල ට පසුපෙළ අසුන්

දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාට තිස්වන ආසනය

අමාත්‍යාංශයේ ධුරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් පසුපෙළ අසුන් පැනවීමට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, හැත්තෑ තුන්වන සහ හැත්තෑ අටවන අසුන් ගැනීම වෙන්කර ඇති බවයි.

පාර්ලිමේන්තුව 08 වනදා යළි රැස්වීමට නියමිත අතර කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් එස්.බී දිසානායක මහතාට ජ්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක‍්‍රියාන්විතය අනුව ආණ්ඩු පක්‍ෂයේ මුල් පෙළ දෙවන අසුන් වෙන් කර ඇත.

එම අසුනේ සිටි ජී.එල් පීරිස් අමාත්‍යවරයාට අසුන් ගැනීම සඳහා දස වන ආසනය වෙන් කර ඇති බව සඳහන් වේ.

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස පත්වු දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාට තිස්වන ආසනය වෙන් කර ඇති අතර නැවතත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට තිස්හය වන ආසනය බව නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

The post විමල්ට සහ ගම්මන්පිලට පසුපෙළ අසුන් appeared first on Aruna.

Next Post

ඇමැති වාසුගෙන් ජනපතිට ලිපියක්

Sun Mar 6 , 2022
කැබිනට් මණ්ඩල රැස්වීම්වලට සහභාගි නොවුණ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියකින් දැනුම්දී ඇතැයි වාර්තා වේ .

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.