සටන් විරාමයෙන් පසු ගැටුම් යළි උත්සන්න වෙයි

රුසියානු අඳ දෙන නිලධාරීන් තිදෙනෙකුගේ ජීවිතක්ෂයට

යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් රුසියාවත් යුක්‍රේනයත් අතර තෙවැනි වටයේ සාම සාකච්ඡා හෙට (07) පැවැත්වීමට නියමිතයි.

මේ අතර යුක්‍රේන ස්නයිපර් වෙඩික්කරුවෙකුගේ වෙඩි පහරකින් රුසියානු අණ දෙන නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යුක්‍රේනය ආක්‍රමණය කරමින් සිටින රුසියාව විසින් සකස් කරන ලද සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා ජ්‍ය හමුදා නිලධාරීන්ගේ ඉදිරි යුධ පෙරමුණට පැමිණීමට සිදු වූ බවත්, පහසුවෙන්ම යුක්‍රේන ඉලක්ක වෙඩික්කරුවන්ගේ ප්‍රහාරයට ගොදුරු වීමට ඉඩ ඇති බවත් බටහිර බුද්ධි අංශ පවසයි.

මේ අතර, රුසියා – ක්‍රේන යුද ගැටුම් ආරම්භ වී අදට දින 11 ගතවෙද්දී රුසියානු යුධ හමුදා යුධ හමුදාව වෙත එල්ල කරන ප්‍රහාර දැඩි කර ඇත.

බටහිර බුද්ධි අංශ වාර්තා අනාවරණ කරන්නේ ඉදිරියේදී කියු අගනගරය ඇතුළු ප්‍රධාන නගර වෙත රුසියානු හමුදා එල්ල කරන ප්‍රහාර වේගවත් හා තීව්‍ර කරනු ඇති බවයි.

කියුව් අගනුවර අසල බුචා, ඉර්පින් නගරවල (05)දරුණු ගැටුම් වාර්තා විය.

මේ අතර සිවිල් නිලධාරීන් ඉවත් කිරීම සඳහා මානුෂීය කොරිඩෝවක් විවෘත කරමින් මරියුපෝල් සහ වොල්නොවාකා නගරවල ප්‍රකාශ පත්කළ පැය 5ක සටන් විරාමය අවසන් සටනෙන් පසු නැවත උත්සන්න වී තිබේ

The post සටන් විරාමයෙන් පසු ගැටුම් යළි උත්සන්න වෙයි appeared first on අරුණ.

Next Post

දොස් පැවරිය යුත්තේ කාටද? - උදෑසන

Sun Mar 6 , 2022
බොහෝ බලාපොරොත්තු තිබියදීත්, ශ්‍රී ලංකා ක්‍රිකට් තවමත් නිවැරදි මාවතකට යොමු වී නොමැත වරද බාර ගැනීමට කිසිවකු නොමැතිව රටේ ක්‍රිකට් ක්‍රීඩාව අගාධයට ඇදෙද්දී චක්‍රලේඛයක් මත විවිධ පාර්ශ්ව වෙත චෝදනාවේ ඇඟිල්ල දිගු විය. රේවත එස් සිල්වා විසිනි 2021 ජුනි මැද භාගයේදී එංගලන්තයේ ග්‍රේටර් මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ මණ්ඩපයට යාබදව පිහිටි හිල්ටන් ගාර්ඩන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.