පියාට සහ පුතුට මරු කැඳවූ අනතුර

14 හැවිරිදි දරුවෙකුට අත්වූ ඉරණම

වවුනියාව, පුවරසන්කුලම, කුරුක්කළුදුකුලම ප්‍රදේශයේදී අද (06) සිදුවු රිය අනතුරකින් කුඩා දරුවෙකු සහ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

මන්නාරම සිට වවුනියාව දෙසට ගමන්ගත් බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් එම අනතුර සිදු විය.

එම අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් පියා සහ පුතු ජීවිතක්ෂයට විය.

අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් වවුනියාව කුරුක්කළුදුකුලම පදිංචි ශ්‍රීධරන් ඩිනෝකාන්ත් අවුරුදු 14ක දරුවෙකු සහ පි. ශ්‍රීධරන් සතු 54 ඔහුගේ පියා ජීවිතක්ෂයට පත්වී ඇති පොලිසිය ගබඩාහ.

අනතුර සිදුවීමෙන් පසුව ප්‍රදේශවාසීන් විසින් අනතුරට ලක්වූ බස් රථයට පහරදී ඇති අතර, අදාළ පහරදීමෙන් බස් රථයේ වීදුරු කඩා දමා ඇති බව සඳහන් කරයි.

මියගිය අයගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වවුනියාව රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම පොලීසියේ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

The post පියාට සහ පුතුට මරු කැඳවූ අනතුර appeared first on Aruna.

Next Post

පාසල් දරුවන්ට සෞඛ්‍ය අංශයෙන් පණිවිඩයක්

Sun Mar 6 , 2022
පාසල් අද ආරම්භ වුවද සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස සහ උණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වළකින්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.