මහින්ද කියන්නේ මෝඩ කතා – විමල් කියයි (වීඩියෝ)

විමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

රට තුළ ඉන්ධන අර්බුදයක් නොමැති බවත්, අමාත්‍යවරුන් විසින් සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇති බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් කළ ප්‍රකාශය පිළිගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

ඔහු මේ බව අද ප්‍රදර්ශනය අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

මාධ්යවේදියා – අගමැතිතුමා කියලා තිබුණා අමාත්‍යවරු කිසියම් පිරිසක් ව්‍යාජ පුවත් ඉන්ධනයක් ඇති වෙනවා කියලා, ව්‍යාජ පුවත් පලකරපු නිසා තමයි මේක උද්ගත වුණේ. ඉන්ධන අර්බුදයක් තිබේ. ඉන්ධන බාගන්න බැරිව තමයි තිබුනේ.

විමල් වීරවංශ – අගමැතිතුමා කිව්වත්, කවුරු කිව්වත් මහ මෝඩ ප්‍රකාශයක්. මට දුකෙන් වුනත් කියන්න වෙනවා. මොකද ඉන්ධන හිඟයක් ඇතිවෙන්නේ, ඉන්ධන දවසක් දෙකකින් තුනකින් පෙන්වන්න කියපු නිසා නෙවෙයි. එසේ නම් ඉදිරියේදී ඉන්ධන ඉදිරිපත් කිරීමට සියයක් ඇතිකරලා පෙන්වන්න. ඔය කියන විදිහට.

The post මහින්ද කියන්නේ මෝඩ කතා – විමල් කියයි (වීඩියෝ) appeared first on Aruna.

Next Post

ඉන්ධන හිඟය නැතිකර පෙන්නන්න

Mon Mar 7 , 2022
ඉන්ධන හිඟයක් ඇති වුණේ ඉන්ධන දින දෙක තුනකින් නැති වන්නේ යැයි හිටපු බලශක්ති අමාත්‍යවරයා කළ ප්‍රකාශ නිසා යැයි ආණ්ඩුවේ ඇතමුන් කරන ප්‍රකාශ පිළිබඳව කණගාටු වන බවත් එය එසේ නම් ඉදිරියේදී ඉන්ධන හිඟය සියයට 100 ක් නැති කර පෙන්න ලෙස අභියෝග කරන බවත් හිටපු කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.