අපායට ඉන්ටවල්

දැන් අපි ගෙවන්නේ අපායේ කාලය බව ඔප්පු කළ යුතු ඉන් පසුව මාධ්‍ය සාකච්ඡාවක් කරමින් කීවේය.

අපායේ ඉන්ටවල් කොයි වාගේද?

අපායට වැටුණ නරපණුවකුට තමන් කැමති දණ්ඩනයක් තෝරා ගැනීමට ඉඩ දීමට තරම් පළමු වතාවට යම රජතුමා ප්‍රජාතන්ත්‍රවාදී විය. ඒ අනුව නරපණුවා විඳින්නට පහසුවක් සොයා අපායේ ඇවිද ගියේය. දාගෙන අඩුවෙන් කටවල් ඇර ලොවිය ළඟට වත් කරන හැටිද, කටු සාමිටියෙන් පහර දෙමින් කටු ඉඹුලේ නංගුවේ හැටිද, කකුල් දෙක දෙපසට ඇද කියතකින් හිස දක්වා පළන හැටිද ලොමු දැහැන් ගන්වාගෙන බල බලා ඇවිදින නරපණුවාට අසූචි වළක තනි කකුලෙන් හිටගෙන දුම්වැටියක් උරන කකුලෙන් ලද නරපණුවන් කැට. එය සුව පහසු ක්‍රමයක් වූ නිසා දේවතාවක් නොසිතාම අපේ නරපණුවා වහා අසූචිට බැස තනි කකුලෙන් උපත සිගරැට්ටුවක් ඉල්ලාගෙන උර විය. සිගරැට්ටුව උරා හමාර වීමත් සමග යම රජුගේ මාලිගාවෙන් සීනුවක් නාද විය.

”දැන් ඉන්ටවල් ඉවරයි. තොපි දැන් සිගරැට්ටුව පැත්තකට විසි කරලා ඔය වළේ ඔළුවෙන් හිට ගන්නට” යමපල්ලෙකු කටු සැමිටියෙන් ඔළුව තළමින් කීවේය.

අපායේ ඉන්ටවල් ඒ වාගේය. අප මේ ගත කරන්නේ එබඳු විවේක කාලයකි.

මේ ඉන්ටවල් එකෙන් ජනතාවට විඳින්න වෙන මොන වගේද? එය කොතරම් කාලයක් තිබේද? ආදී ප්‍රශ්න දැන් තිබේ.

අපායේ නම් වැඩ කෙරෙන සැලැස්මක්, ලැයිස්තුවක් තිබේ. අපායගාමීන්ට ඉන්ටවල් එක කාලයක් කොතරම්ද, එය අවසාන වන්නේ කෙසේද? ආදිය අපායේ වැඩ රටාවකට අනුව සිදුවෙන නිසා තේරුම්ගත හැකිය. අවීචි මහා නරකාදියටත් හෙට වෙන්නේ මොකක්ද කියා තේරුම්ගත හැකි වුවත් අපට එසේ හෙට ගැන තේරුම් ගන්නට බැරිය. හෙට වෙන දේ තේරුම් ගන්න බැරිව අපායට වැටෙන්නට පෙර සිටය. වස විසෙන් තොර වගාව රටකට සත්‍ය දිව්‍යමය වටිනාකමක් තිබිය යුතු දෙයක් ලෙස උපදෙසක් වුවද, එක් කෘෂිකර්ම නිලධාරියෙකු හෝ කෙතකට ගොස් ඒ ගැන ගොවියෙකුට දී නැති බව රජය තේරුම් ගත්තේ නැත. රටට කාබනික පොහොර ආණ්ඩුවේ ආයතනයක් නොමැති බව රජය දැන ගත්තේ ගොවියා පෙළපාළි යනකොටය. රටේ හාල් නිෂ්පාදනයක් තිබෙන බව හාල් කිලෝව රුපියල් 160 ඉක්මවූ පසුව රජයට තේරුම් ගැනීමට හැකි විය.

සූර්ය තාපයෙන් නිපයන පුනර්ජනනීය විදුලිය මිලට ගැනීමට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සූදානම් නැති බව රජය දැනගත්තේ තවදුරටත් විදුලිය නිපදවීමට තෙල් ලබා නොදෙන බව තෙල් නිවේදනයට පසුවය. තෙල් නැවක් එන්න පරක්කු වූ ඒ ටික කාලෙට පුනර්ජනනීය විදුලිබලය උත්පාදනය කරන්නට ශක්‍රයාටවත් බැරිය. ජනවාරියේ සිට දෙමාසයක් පුරා දිනකට පැයක්, දෙකක් විදුලිය කපමින් තෙල් ඉතිරි කර ගත්තා නම් එකවර පැය හතක්, අටක් විදුලිය කපන තැනකට යන්නේ නැත.

කාර්වල සිට කහ දක්වා දේ ලැබෙන භාණ්ඩය නතර කළ ආණ්ඩුව තවමත් ඇපල්, මිදි, කුරක්කන්, මීපැණි, ලංකාවට ගෙන්වන බව තේරුම් ගත්තේ තෙල් ගෙන්වීමට ඩොලර් ලබා ගැනීම සඳහා වූ විටය. සංචාරකයන් වෙත පැමිණෙන නිසා මේ ඇපල්, මිදි ගෙන්වන බව ආණ්ඩුවේ අදහසයි. තෙල් නොමැතිව සංචාරය කළ නොහැකි රටකට සංචාරකයන් ඒවිද? එසේම තෙල් නැතිව විදුලිය කැපීම නිසා කළුවරේ ඉන්න සංචාරකයන් කන්න ඇපල් ඉල්ලුවොත් තවමත් රටට බිලියන ගණන් ඇපල්, දොඩම් ගෙන්වන බලධාරියා යමයා හිනා ගස්සන්නෙකි.

අප නිතර සිතන්නේ අපායේ ඉන්ටවල් එක සම්බන්ධ කර ගන්නටය. ජනවාරියේ සිට පැය දෙකක් විදුලිය කරමින්, තෙල් ඉතිරි කර ගැනීමට නොසිතුවේ මේ ඉන්ටවල් එක දීම සඳහාය. රටට බරක් ලක්ෂයක් යැයි කියූ රජයේ සේවකයන්ට රුපියල් 5000 ක මුදලක් ගෙව්වේ මේ ඉන්ටවල් එකක් දීමයි. මෙම ඉන්ටවල් එක ලබා ගැනීමට ගන්නා උත්සාහය අපායේ තවත් බොහෝ දේ කිරීමට හේතු වී තිබේ. ගොවියන්ට ගෙවන රුපියල් 50,000 හානිය වන්දිය.

එසේම ජාතික මත දරන අපේ දේශපාලන නායකයන් මග සොයන්නේ අපායේ ඉන්ටවල් එකේදීය. අපායේ ඉන්ටවල් වේලාවේ හරිමග නොයන්නට ගොස් මහ මගට වැටුණ පසු ජනතාවගේ ඔඩොක්කුවට වැටුණා කියා උදාන වාක්‍ය කියති. කිසිම ඔඩොක්කුවට ගන්න තරම් ජනතාව ඇඳන් ඉන්න රෙද්ද මේ කාලයේ හයිය නැහැ. මේ ඉන්ටවල් එක කවදා වෙනකන් තියෙනවද කියලවත් අපි දන්නේ නැහැ. ඉන්ටවල් හමාර වූ පසු වීමට පටන් ගන්නා මැයිවල සිට ගෙවී යන ජීවිතය ගැන අපට දැන්ම කිව හැකිය. පසුව ඊළඟට එන ඉන්ටවල් එක ගැන නම් අපට සිතාගත හැකිය. ඒ ඉන්ටවල් එකේ දී නරපණුවා අත දැන් තියෙන සිගරැට්ටුව වෙනුවට කොස්කොළ අඹර හැදූ බීඩියක් තියෙනවා.

The post අපායට ඉන්ටවල් appeared first on අරුණ.

Next Post

රත්‍රං​ තවත් ගණන් උස්සයි

Tue Mar 8 , 2022
ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල ඩොලර් 2000 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.