සුපර් මාර්කට් භාණ්ඩ මිල ඉහළට

බත් කරි දර්ශකයෙන් අනාවරණය වූ දේ

සුපිරි වෙළඳසැල් දත්ත සංසන්දනය, සාමාන්‍යයෙන් 4 දෙනෙකුගෙන් යුත් පවුලකට 2020 දෙසැම්බර් නිෂ්පාදන දහයක භාණ්ඩ අඩංගු කූඩයක් මිලදී ගැනීම සඳහා රු. 1,546 ක් වැය වී ඇති බව අනාවරණය වේ.

එය 2021 දෙසැම්බර් මාසය වන විට රු. 2,094 ක් දක්වා 365 කින් වැඩි වී ඇති බව සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී ඇත.

ඇඩ්වොකාටා ආයතනය විසින් සකස් කරනු ලබන ‘බත් කරි දර්ශකය’ හෙවත් Bath Curry Indicator (BCI) මගින් මේ බව පෙන්නුම් කරයි.

මේ අතර ලබාගන්නා ආහාර ද්‍රව්‍ය කූඩයක සිල්ලර මිලෙහි මාසික වෙනස්වීම් වෙනස් කරන Advocata’s Bath Curry Indicator (BCI)දර්ශකය 2022 ජනවාරි 2022 පෙබරවාරි දක්වා 1.5% ක අඩුවීමක් වාර්තා කර ඇත.

සමස්ත අඩුවීමට බෝංචි (40%), අමු මිරිස් (15%) සහ බටු (13%) මිල පහත වැටීම හේතු වී තිබේ.

කෙසේ වෙතත් වාර්ෂික පදනම මත මෙම අගය 2022 පෙබරවාරි මස දී 15% කින් ඉහළ ගොස් ඇත.

The post සුපර් මාර්කට් භාණ්ඩ මිල ඉහළට appeared first on Aruna.

Next Post

පැන්ඩෝරා විමර්ශන දිගටම යනවා

Tue Mar 8 , 2022
පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් මාධ්‍යවල පළවූ තොරතුරු පදනම් කරගෙන තවදුරටත් විමර්ශන පවත්වන බව අල්ලස් කොමිසම දැනුම්දී ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.