අද දවස ඔබට කොහොමද ?

2022 මාර්තු මස 08 වැනි අගහරුවාදා

රාහු කාලය දිවා 03.21 සිට 04.52 දක්වා රාත්‍රී 03.20 සිට 04.50 දක්වා

ශුභ දිසාව- උතුර, මරු සිටින දිසාව- බස්නාහිර

මේෂ

හදිසි ධන ලාභේ

දියුණුවට කටයුතු සැලසේ. විවිධ අංශයන්ට අදාළ ලාභය උපයයි. හදිසි ධනය පෙන්නුම් කරයි. සතුරු කරදර නිමා වේ. කරන කියන සෑම දෙයක්ම සාර්ථක වේ. ගොවිතැන් කටයුතුවලින් ලාභය. ගෙදරදොර කටයුතු සාර්ථකයි. ණය මුදලක් ලැබේ.

වෘෂභ

සිත් පීඩා ඇතිවේ

ශරීරයට වෙහෙසක් දැනේ. පවුලේ වැඩිහිටියන්ගේ දෝෂාරෝපණ එල්ල විය හැක. ආගම දහම කෙරේ වේ. අනුන්ගේ තැන්වල වාසය කිරීමට සිදු විය හැක. සතුරු කරදර සිතේ පීඩාකාරී ගතියක් ඇති වේ. දරුවන් සම්බන්ධයෙන් වෙනදාට වඩා වෙහෙසේ.

මිථුන

වැදගත් සැලකිලි ලැබේ

සැප පහසුවට කටයුතු සැලසේ. රැකියා කටයුතුවල උසස්වීම්වලට මගදේ. විදේශ අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට යහපත් ප්‍රදීප්ති හිමි වේ. මිල මුදල් ලැබීම අතින් ශුභදායකයි. වචනය පාවිච්චියෙන් අන්‍යයන් වසඟයට ගනී. ගෙරව සැලකිලි හිමි වේ. සෞඛ්‍යය යහපත්.

කටක

අධ්‍යාපන ජය ලැබේ

බලාපොරොත්තු ඉෂ්ට වේ. දන්නාති මිත්‍රදීන් අතර හොඳ නමක් ඇති වේ. ප්‍රණීත ආහාරපාන භුක්ති විඳින දිනයකි. කරගෙන යන කටයුතු අලුතින් ආරම්භ කරන කටයුතු ද සාර්ථකත්වයට පත් වේ. රැකියා කටයුතුවල දියුණුවක් ලබයි. අධ්‍යාපන ජයග්‍රහණය ලබා ගනී.

සිංහ

කල්පනාකාරී වන්න

කල්පනාකාරී විය යුතුයි. නිශ්ශබ්ද ලෙස මුදල් වියදම් වේ. රැකියා ස්ථානයේ ප්‍රධානියාගේ අප්‍රසාදයට ලක් වේ. ගෙදරදොර කටයුතුවල දී වචන පාවිච්චියේ දී ප්‍රවේසම් වන්න. ඉක්මන් තීරණයක් ලැබුණි. අධ්‍යාපන කටයුතුවලට පරිබාහිර දේට සිත යොමු වේ.

කන්යා

විවාහ යෝජනා වල ගැටලු

බලාපොරොත්තු ඉටුවීම පමා වේ. නීතිමය ගැටලු නිසා සිදු වේ. සැමියා හෝ භාර්යාව සමග හිත් අමනාපකම්වලට ඉඩ තිබේ. විවාහ යෝජනා සම්බන්ධ ගැටලු පැන නගී. අනවශ්‍ය අය සමඟ සම්බන්ධතා ඇති විය හැක. රක්තවාතාබාධ තිබේ නම් උත්සන්න වේ.

තුලා

උසස්වීම් ලැබේ

රැකියා කටයුතුවලින් දියුණුවක් ලැබේ. උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටින අයගේ පැතුම් ඉටු වේ. තරග විභාගවලට ඉදිරිපත් කර ජය ලබයි. අලුතින් ආරම්භ කරන කටයුතුවල දියුණුවක් දැකිය හැක. පවුල් ජීවිතයේ සබඳතා වර්ධනය වේ. ලොතරැයි වාසනාව උරගා බැලීමට සුදුසුයි. සෞඛ්යය යහපත්.

වෘශ්චික

දේපලවලට නීති ගැටලු

වියදම් පක්ෂයක්. මුදල් වියදම් කිරීමට විවිධ අවස්ථා යෙදේ. තම දේපළ සම්බන්ධ නීති ගැටලු පැන නගී. රැකියා ස්ථානයේ ගැටුම් ඇති කරයි. දිනකට වැඩකටයුතුවලට බාධා පැමිණේ. හුදෙකලාව කැමැත්තක් පෙන්වන්න. අධ්‍යාපනයට උනන්දු විය යුතුයි. ශරීරයේ අප්‍රාණික ගතියක් ඇති වේ.

ධනු

ජලයෙන් පීඩාවට

ශුභපල අඩු කරයි. සිත් චංචල කරවන සිදුවීම් යෙදේ. පීඩාවන්ට මුහුණ දීමට ජලය සිදු වේ. වියදම් පක්ෂයක් ලෙස ඉහල යයි. අනවශ්‍ය දේ සඳහා මුදල් වියදම් කිරීමට සිදුවේ. දන්නාති මිත්‍රයන් සමග අවුල් වියවුල් ඇති විය හැක. කරගෙන යන කටයුතු කල් සිදු වේ. කටයුතුබෝග උරුමයි.

මකර

කතාව නිසා සතුට ඇතිවේ

දියුණුවට අවශ්‍ය සැලසුම් සකස් කරයි. එය ක්‍රියාත්මක කිරීම තරමක් දුරට සාර්ථක වේ. කතාබස් හේතුවෙන් සතුටු විය හැක. ස්ත්රී පක්ෂය සමග සම්බන්ධතා වැඩි වේ. ධෛර්යවන්තව රැකියා කටයුතුවල නිරත වේ. තමා ගැන ගුණ වර්ණනාවක් සිදු වේ. ශරීර සෞඛ්‍යය යහපත්.

කුම්භ

පිට අයකුගෙන් උදව්වක් ලැබේ

සුළු සුළු ලාභ උපයයි. සතුරු කරදරවලින් නිදහසක් ලැබේ. තම හිතවතුන්ගේ ලෙඩදුක් සම්බන්ධ ආරංචි ලැබේ. කලක් තිස්සේ සිතේ ඇති අදහසක් ඉටු වේ. කය වෙහෙසා වැඩ කරයි. පවුලෙන් පිට අයකුගෙන් උදව් උපකාරයක් හිමි වේ. අධ්‍යාපන කටයුතුවලට උනන්දු විය යුතුයි.

මීන


සම්බන්ධති ගනුදෙනු ප්‍රවේසමෙන්

වියදම් පක්ෂය පාලනය කර ගත යුතුයි. දුරදිග නොබලා කරන හානියක් සිදු වේ. සමාගම සමග ගනුදෙනු කිරීමේදී යම් ආකාරයක සිදුවීමක් සිදුවිය හැක. කරගෙන යන වැඩකටයුතුවල ප්‍රමාදයන් ඇති වේ. ලාභ ප්රයෝජන අඩු දිනයකි. ශරීරාබාධ මතු කරයි.

The post අද දවස ඔබට කොහොමද ? appeared first on අරුණ.

Next Post

ඩොලරය රුපියල් 230 සීමාවේ

Tue Mar 8 , 2022
විදේශ විනිමය ගනුදෙනුවලදී ඇමරිකානු ඩොලරය රුපියල් 230 කට නොවැඩි අගයක පවත්වාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.