කිරිබත්ගොඩ නිවසකින් කාන්තා මළසිරුරක් හමුවෙයි

මියගිය කාන්තාව දූෂණය කරලා

නාදුනන කාන්තා මළ සිරුරක් කිරිබත්ගොඩ මුදියන්සේගේ වත්ත ප්‍රදේශයේ පාළු නිවසක තිබී සොයාගෙන ඇත.

පොලිසිය සැකපල කරන්නේ දින හතරකට පමණ පෙර මෙම කාන්තාව වීමට ඇති බවයි.

මෙම ස්ථානය ප්‍රදේශවාසීන්ගෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත කිරිබත්ගොඩ පොලිසියේ කාන්තා මළ සිරුර සොයා ගන්නා ලදී.

එම කාන්තා මළ සිරුර කැට ගොඩකින් වසා තිබී ඇති අතර, එය නරක් වී තිබූ බව පොලිසිය සඳහන් කරයි.

මියගිය කාන්තාව වයස අවුරුදු 35 ක් පමණ වන කාන්තාවක් වන අතර, ඇය දූෂණය කර ඇති බවට පොලිසිය සැක පළ කරයි.

එම කාන්තාව මිය ගිය නිවසේ අලුත්වැඩි කටයුතු සම්බන්ධයෙන් යම් පුද්ගලයෙක් ඇති අතර, ඒ සම්බන්ධව CCTV දර්ශන ඔස්සේ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කරන බව පොලිසිය පවසයි.

අදාළ කාන්තාවගේ මෘත ශරීරය මේ වන විට රාගම රෝහලේ තැන්පත් කර තිබේ.

පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා පොලිස් පරීක්ෂණ කටයුතු අරඹයි.

The post කිරිබත්ගොඩ නිවසකින් කාන්තා මළසිරුරක් හමුවෙයි appeared first on Aruna.

Next Post

නව දේශපාලන පක්‍ෂ 76 කින් අයදුම්පත්

Wed Mar 9 , 2022
මැතිවරණ කොමිෂන් සභාවට නව දේශපාලන පක්‍ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් 76 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.