දිවයිනේ වයස්ගතම කාන්තාව අභාවප්‍රාප්ත වෙයි

අවුරැදු 116ක් ආයු වළඳා ගත් මව

දිවයිනේ වයස්ගතම කාන්තාව ලෙස සැලකෙන ඉමදුව – කනංකේ කනංකේවත්ත පදිංචිව සිටි කංකානමි ගමගේ ඩිංගිහාමි මාතාව වයස අවුරුදු 116 ක් ආයු වළඳා අද (10 ) ජීවන ගමනට සමුදුන් බව වාර්තා වේ.

වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අකුරැස්ස අතුරලිය ප්‍රදේශයේ දී 1906 ජනවාරි මස එකොළොස් වැනි දා ඇය උපත ලබා ඇත.

ඇම්.ජී.දනෝරිස් විවාහ දිවියට ඇතුළත්ව සිටි ඇය ඔවුන්ගේ ජිවන උපාය මාර්ගය, කෘෂි කර්මාන්තයයි.

ඇය පුතුන් දෙදෙනෙකුගේ හා එක් දියණියකගේ මවක්.

The post දිවයිනේ වයසගතම කාන්තාව අභාවප්‍රාප්ත වෙයි appeared first on අරුණ.

Next Post

ඉන්ධන හිඟයට විරෝධය පා ත්‍රීරෝදරථ තල්ලු කරති

Thu Mar 10 , 2022
ඉන්ධන හා විදුලිය අර්බුදයට හැකි ඉක්මනින් විසඳුමක් ලබාදෙන ලෙසට රජයට බලකරමින් මහරගම වෘත්තීය ත්‍රීරෝදරථ සංගමය මහරගම නගරයේදී අද(10) පෙරවරුවේ විරෝධතාවයක් පැවැත්විය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.