පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට

පාන් ගෙඩියක මිල රු. 100ට නගී

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති. කේ. ජයවර්ධන මහතා පාන් ගෙඩියක මිල රුපියල් 20ත් 30ත් අතර මිලකින් ඉහළ යයි.

ඒ අනුව මේ වන රුපියල් 70ක මිලට අලෙවි වන පාන් ගෙඩියක මිල රුපියල් 100ක් දක්වා ඉහළ යනු ඇත.

ඒ මහතා සමඟ බනිස් ගෙඩියක මිලද රුපියල් 10කින් ඉහළ දමන බව ඒ මහතා පවසයි.

පාන් මිල ඉහළ දැමීම සමස්තයක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව ලංකා බේකරි හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.

The post පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට appeared first on Aruna.

Next Post

හයිලන්ඩ් කිරිපිටි යලි වෙලදපොලට

Fri Mar 11 , 2022
අප්‍රේල් මස මුල සිට සියලුම පළාත් වලට හිඟයකින් තොරව හයිලන්ඩ් කිරිපිටි නිෂ්පාදනය කර බෙදා හැරීමට කටයුතු කරන බව මිල්කෝ සමාගම ප්‍රකාශ කරයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.