ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තවත් පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු මෙන්න

එංගලන්ත නොටිංහැම්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස සේවය කළ ඇන්ටන් රූව් ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්වී ඇති බව වාර්තා වෙයි.

ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානය කළේය.

“ශ්‍රී ලංකාවෙන් ලැබෙන සුවිශේෂී අභියෝගයක්. එසේම මට සහ මගේ පවුලේ ඥාතීන්ට නව අත්දැකීමක් ලැබීමට අවස්ථාවක්.”

“සෑම ක්‍රීඩකයෙක් මෙන්ම පුහුණුකරුවෙක්ටම ඉහළම තලයේ යමක් කිරීමට සිහිනයක් තිබේ. මට ශ්‍රී ලංකාව වගේ කණ්ඩායමකට සේවය කරන්න අවස්ථාව ලැබීම විශේෂයි. එය ඉටු කිරීමට මම නොඉවසිල්ලෙන් ඉන්නේ.”

40 හැවිරිදි ඇන්ටන් රූව් දකුණු අප්‍රිකාවේ පළමුපෙළ ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වී ඇත.

The post ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තවත් පුහුණුකරුවෙක් appeared first on අරුණ.

Next Post

සියලු සිසුන් සඳුදා සිට පාසලට

Fri Mar 11 , 2022
සියලු පාසල් සිසුන් ලබන සඳුදා (14) සිට සාමාන්‍ය පාසල්වලට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.