ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද රාත්‍රියේ ?

අධ්‍යාපන ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙස්

2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ප්‍රථමයෙන් අද (12) රාත්‍රියේ දී නිකුත් කිරීමට සූදානම් වන ලෙස සිය නිලධාරින්ට උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය දිනේෂ් ගුණවර්ධන පවසයි.

2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගය පසුගිය ජනවාරි මස 22 වැනි දින සෙනසුරාදා පැවැත්විය.

ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍ය දරුවන් 255,062ක්, දෙමළ මාධ්‍යවලින් 85,446ක් පෙනී සිටි අතර සමස්ත සංඛ්‍යාව 340,508කි.

විභාග මධ්‍යස්ථාන 2943ක පැවැත්වුණු ශිෂ්‍යත්ව විභාගය කොවිඩ් -19 විද්‍යා දරුවන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන 108 ක් ක්‍රියාත්මක විය.

The post ශිෂ්‍යත්ව ප්‍රචාරණ අද රාත්‍රියේ ? appeared first on අරුණ.

Next Post

’’පොල් ප්‍රදර්ශන’’ පිටරට තියන්න කෝටි 13 ක් වැය කරලා

Sat Mar 12 , 2022
පොල් සංවර්ධන අධිකාරිය විදේශයන්හි ප්‍රදර්ශන පැවැත්වීම සඳහා රුපියල් කෝටි 13 කට වැඩි මුදලක් වැය කර ඇතැයි තොරතුරු අනාවරණයවූ බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප්) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.