දින දෙකකදී ඉනිම් 3ක් නිමයි

ශ්‍රී ලංකාවට ලකුණු 447ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය සඳහා (13 වැනිදා) තරගය නතර කරන විට ලකුණු 447ක ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් රැස් කරගෙන තිබේ.

නොදැවී කඩුල්ලේ රැඳී සිටින දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් පිළිවෙලින් ලකුණු 10ක් සහ ලකුණු 16ක් ලබාගෙන සිටී.

ලකුණු 143ක වාසියක් සමගින් සිය දෙවැනි ඉනිම ඇරැඹූ ඉන්දීය කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 42කට සීමා කිරීමට ලසිත් තෝරාගත්දෙණිය සමත් විය. ඒ අනුව සිය ඉනිම් 25 දී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් බවට පත් වීමට (පළමුවන 13 වැනි දා) ප්‍රථම ස්ථානය සමත් විය. මීට ඉහතදී මෙම වාර්තාව ලොව බිහිවූ විශිෂ්ටතම පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් සතුව පැවති අතර තරගයේ 67ක් ලබාගනියි.

ඉන්දීය ඉනිමේ මුල් කඩුලු 4ම ලකුණු 139කදී බිඳ වැටුණු අතර නායක රෝහිත් ෂර්මා ලකුණු 46කට දවා ගැනීමට ධනංජය ද සිල්වා සමත් විය. ප්‍රථම ඉනිමේ සේම අසාර්ථක වූ විරාට් කෝලි ලකුණු 13කට ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට ප්‍රවීන් ජයවික්‍රම සමත් විය. කෝලි ඉනිම් දෙකෙහිදීම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යාම විශේෂත්වයකි. ඉන්දියාව වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කළ රිෂාබ් පාන් පන්දු 31කදී ලකුණු 50ක් ලබා ගත් අතර එම ටෙස්ට් ඉනිමක ඉන්දීය ක්‍රීඩකයෙකු ලැබූ වේගවත්ම අර්ධ ශතකය(පන්දු 28) ලෙසින් ඉතිහාසයට එක්විය. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශ්‍රෙයාස් අයියර් ලකුණු 67ක් ලබා ඇත. කඩුලු 9ක් දැවී ලකුණු 303ක් ලබා ගත් සිය ඉනිම අත්හිටවූ ඉන්දියාව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 446ක ඉලක්කයක් ලබා ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 78කට කඩුලු 4ක් ලබා ගත් අතර ලසිත් තෝරාගත්දෙණිය ලකුණු 87කට කඩුලු 3ක් බිඳ හෙළීය.

ලකුණු 8කට කඩුලු 6ක් දැවී ගිය දිනය ඇරැඹූ ශ්‍රී ලංකා ලකුණු 109කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් විය. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 4 ලකුණු 14ක් දැවී ගියේය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 43ක් ලබා දුන්නා. මැතිව්ස් හැරෙන්නට ශ්‍රී ලංකාවේ කිසිදු පිතිකරුවෙකුට ලකුණු 25 සීමාවක් හෝ ඉක්මවීමට නොහැකි වූ අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 21ක් ලබා දුන්නා.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉන්දීය ජස්ප්‍රිට් බුම්රා ලකුණු 24කට කඩුලු 5ක් පිරිනැමේ.

The post දින දෙකකදී 3ක් නිමයි appeared first on Aruna.

Next Post

බස් ගාස්තු සංශෝධනය ගැන කැබිනට් මණ්ඩලය තීරණය කරයි

Mon Mar 14 , 2022
කැබිනට් අමාත්‍යවරුන්ගේ සතිපතා රැස්වීම අද (14) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.