පාසලක් හදිසියේ වසා දමයි

පාසල් සිසුන් 60 දෙනෙකු හදිසියේ රෝහල් ගත කෙරේ

මොණරාගල ඇතිමලේ පාසලක සිසුන් 60 ක් සහ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයේ 03 දෙනෙකු සඳහා ඇතිමලේ රෝහලට ඇතුළත් කර ඇත.

ඒ, බඹර ප්‍රහාරයකට ලක්වීම හේතුවෙනි.

අද පැවැත්වෙන පාසලේ උත්සව අවස්ථාව අසල ගොඩනැගිල්ලක තිබූ බඹර කූඩුවක කොටසක් කඩා වැටීමෙන් දරුවන්ට සහ ආචාර්ය මණ්ඩලයට මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

තුවාල ලැබූ සිසුන් අතරින් 02 දෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය වීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා සියඹලාන්ඩුව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

මෙම බඹර ප්‍රහාරයත් සමඟ පොලිසිය මැදිහත් වී පාසලේ සිසුන් පිරිස නිවෙස් වෙත යැවීමට කටයුතු කර ඇති අතර, පාසල වසා අවශ්‍ය පියවර ගෙන ඇත.

The post පාසලක් හදිසියේ වසා දමයි appeared first on Aruna.

Next Post

කෝටියක් ගිල්ල තවත් සුදු අලියෙක්

Mon Mar 14 , 2022
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ක්ෂණික පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ස්ථාපනය කරනු ලැබූ ක්ෂණික දුරකථන සේවාව සඳහා රුපියල් කෝටියක පමණ මුදලක් වැය කර ඇතත් ඉන් නිසි ප්‍රතිඵල ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.