මහා පරිමාණ ජංගම දුරකථන සොරකම

කාත්තන්කුඩියේ සිදු කළ මෙහෙයුම

දුරකථන අලෙවි සැලක් කඩා එහි තිබූ රුපියල් 2,444,500ක් වටිනා ජංගම දුරකථන 71ක් සොරකම් කළ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කාත්තන්කුඩිය ප්‍රදේශයේ මෙම වෙළදසැල පිහිටා ඇති අතර, කාත්තන්කුඩිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව අදාළ සැකකරුවන් (13) අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පුද්ගලයන් විසින් සොරාගන්නා ලද දුරකථන 23ක් ද සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19, 2, 47, 50 ක් වූ අක්කරපත්තුව හා වරිපතෙන් ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අදාළ සැකකරුවන් අද (14) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කාත්තන්කුඩිය පොලිසිය වැඩිදුර විමර්ශනය කරයි.

The post මහා පරිමාණ ජංගම දුරකථන සොරකම appeared first on Aruna.

Next Post

ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ 39 ක් අල්ලයි

Mon Mar 14 , 2022
වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් වටලා විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් 39 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.