මිල මුදල් ලාභ හිමිවන දවසකි

2022 මාර්තු මස 14 වැනි සඳුදා

රාහු කාලය දිවා 07.48 සිට 09.19 දක්වා රාත්‍රී 07.51 සිට 09.21 දක්වා

ශුභ දිසාව- බස්නාහිර, මරු සිටින දිසාව- වයඹ

මේෂ

බාධා මාර්ගවලට බාධා

බාධා පැමිණේ. සිත් තැවුල් ඇති කරයි. අනවශ්‍ය අය ඇසුරු කිරීමෙන් තම කීර්ති නාමය පළුදු විය හැක. විශේෂයෙන් සමග කටයුතු කිරීමේ දී කල්පනාකාරී විය යුතුය. අධ්‍යාපන කටයුතුවලට කරදරකාරී බවක් ඇති වේ. කරගෙන යන කටයුතු වලින් සිදු වේ. හදිසි අනතුරු පෙන්වයි.

වෘෂභ

ආයෝජනයන්ගෙන් මුදල්

මුදල් ලැබීම අතින් එතරම් යහපත් නොවේ. වෘත්තිකයන්ට ශුභ නැත. සතුරු කරදර බහුලයි. ස්ත්රී පක්ෂයෙන් වාසි ලැබේ. අමුත්තකු මුණගැසීමට අවස්ථාවක් උදා වේ. රැකීරක්ෂා කටයුතුවල දී රැක ඇති වේ. ගොවිතැන් කටයුතුවලින් යම් කිසි සාර්ථකත්වයක් ලබයි. ශරීර සෞඛ්‍යය යහපත්.

මිථුන

හදිසි වියදම්

කරගෙන යන කටයුතුවලට බාධා පැමිණේ. කරදරකාරී වටපිටාවක් ඇති වේ. අන්‍යයන්ගේ වැඩ වේ සිතේ බය සංකා ඇති. නිෂ්ඵල ගමන් අධික වියදම් ඇති කරයි. රැකියා කටයුතුවලට උදාසීනතා ඇති වේ. හදිසියේ මුදල් වියදම් වාර්තාවක් පෙන්වයි. දණහිසෙන් පහල රෝගාබාධ ඇති කරයි.

කටක

විවාහ යෝජනා ස්ථිර වේ

දියුණුවට කටයුතු සැලසේ. නොයෙක් ආකාරයේ ලාභ ලැබේ. හදිසි ධන ලාභයි. ලොතරැයි දිනුම්වලට ඉඩ තිබේ. ගොවිතැන් කටයුතුවලින් වාසි ලැබේ. පරම්පරාගත දේපල උරුමයන් හිමි වේ. විවාහාපේක්ෂිතයන්ගේ පැතුම් ඉටු වේ. විදේශ අධ්‍යාපන සිහින දැකීමට පදනම වැටේ.

සිංහ

වෙළෙඳ ව්‍යාපාරවලින් අලභ

බලාපොරොත්තු ඉටු නොවේ. අධික ලෙස මුදල් වියදම් වේ. විවාහ යෝජනාවලට විරෝධතා මතු වේ. නීති ප්‍රශ්නවලින් පරාජයට පත් වේ. අධ්‍යාපන කටයුතුවලට පරිබාහිර දේට සිත යොමු වේ. වෙළඳ ව්යාපාර පාඩුවට යයි. ප්‍රසිද්ධති මිත්‍රදීන් සමග ගැටුම් හටගනී. රක්තවාතාබාධ උත්සන්න කරයි.

කන්යා

තරග වලින් ජය

මිල මුදල් ලාභ හිමි වේ. නොයෙක් අංශවලට අවධානය යොමු කිරීම මාර්ග වර්ධනය වේ. නව මිතුරු සබඳතාවලට මුල පිරේ. ගරු සැලකිලි හිමි වේ. විනෝදාත්මක කටයුතු කෙරේ සිත ඇදී යයි. වාද විවාදවලට පැටලීමෙන් ජය ලබයි. තරග විභාගවලින් ජයග්‍රහණය උරුමයි. ප්‍රේම සබඳතාවලට ශුභයි.

තුලා

රැකියා අවස්ථාවන් සඳහා අවශ්ය

බලාපොරොත්තු ඉටු වේ. ප්‍රසිද්ධති මිත්‍රදීන් අතර නව පාත්‍ර වේ. කරගෙන යන කටයුතු අලුතින් ආරම්භ කරන කටයුතු ද දියුණුවට පත් වේ. අන්සතු වස්තු හිමි වේ. රැකියා බලාපොරොත්තු වන්නන්ට ශුභදායකයි. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඇති වේ. සෞඛ්යය යහපත්.

වෘශ්චික

ජලයෙන් පීඩා විඳිති

අනවශ්‍ය ලෙස මුදල් වියදම් වේ. සිතේ කරදරකාරී තත්ත්වය ඇති වේ. නොයෙක් දේ ගැන සැක සංකා පහල වේ. හදිසි අනතුරු ඇති කරයි. ඉවසිලිමත්ව ක්‍රියා කළ යුතුයි. කරගෙන යන කටයුතු වලට බාධා ඇති වේ. උඩබාධවලට ඉඩ තිබේ. විශේෂයෙන් ජලයෙන් ප්රවේශ විය යුතුය.

ධනු

අනුන්ගේ වැඩකටයුතු සිදුවේ

වියදම් පක්ෂ වැඩි වේ. තම වස්තුවට සොර සතුරු බාධා පැමිණේ. තමන්ට හානි සිදු වේ. කරගෙන යන කටයුතු කල් සිදු වේ. බලාපොරොත්තු ආකාරයෙන්ම ඉෂ්ට නොවේ. අනුන්ගේ වැඩ තමාටම සිදු වේ. අලුත් විෂයයන් ඉගෙනීමට ලැබේ. ශරීරයේ අප්‍රාණික ගති ඇති කරයි.

මකර

නිෂ්පාදන මාර්ගවලට යහපත්

සිතේ සතුට ඇති වේ. අමතර මාර්ගවල ප්‍රගතියක් ලැබේ. කෑමබීම සම්බන්ධයෙන් වෙනස්කම් සිදු වේ. ගෙදරදොර අලුත්වැඩියා කටයුතු සිදු කරයි. අන්‍යයන්නේ පවතින කාලය ගත කිරීමට උත්සාහ දරයි. අන්යයන්ගේ අදහස් තේරුම් ගැනීමේ හැකියාව ලැබේ.

කුම්භ

වියදමට සරිලන ආදායම

සුළු සුළු ලාභ ලැබේ. වියදමට සරිලන ආදායම උපයයි. අධ්‍යාපන කටයුතුවලින් යම් සාර්ථකත්වයක් හිමි වේ. රැකියා කටයුතු සාමාන්යයෙන්. පරිසරය සම්බන්ධ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ලැබීමෙන් සිතේ සතුට ඇති වේ. සෞඛ්යය සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න.

මීන


හෘදයාබාධ උත්සන්න වේ

රැකියා කටයුතුවල නියැළීමේ දී කල්පනාකාරී විය යුතුය. වචන භාවිතා කිරීමෙන් ගැටලු මතුවිය හැක. උසස් පුද්ගලයින්ගේ දෝෂාරෝපණ එල්ල විය හැක. ගෙදරින් පිට වාසය කිරීමට සිදු වේ. ආගම දහම කෙරේ භක්තියක් ඇති වේ. නඩුහබ සම්බන්ධ කටයුතුවලින් පාඩු ඇති කරයි. හෘදයාබාධ උත්සන්න වේ.

The post මිල මුදල් ලාභ හිමිවන දවසකි appeared first on Aruna.

Next Post

යූ.එන් ආහාර සමුළුව මෙරටදී

Mon Mar 14 , 2022
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියානු ශාන්තිකර කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කෙරුණු බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.