කැරට් 24 රන් පවුමක මිල රුපියල් 150,000ක්
දේශීය රන් මිල නොසිතූ ලෙස ඉහළ යමින් පවතී.
අද දිනයේ හෙට්ටිවීදිය රන් නිෂ්පාදකයන් පවසන පරිදි රන් මිල ඉහළ ගොස් තිබේ.
එම නිෂ්පාදකයන් පවසන්නේ රුසියා යුක්රේන අර්බුදය හමුවේ රන් මිල ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 150,000ක් ලෙසටයි.
එසේම කැරට් 22 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 139,000ක් ලෙසටයි.
මේ අතර අද දිනයේදී හෙට්ටිවීදිය රන් නිෂ්පාදකයන් පවසන්නේ මෙරට රන් මිලට දැඩි නිෂ්පාදනයක් නිර්මාණය වී තිබෙන බවයි.
කෙසේ වෙතත් ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල මේ වනවිට ඩොලර් 1,974ක් දක්වා අඩුවීමක් දක්වා ඇත.
The post දේශීය රන් මිල ඉහළට appeared first on Aruna.