අද ලග්න 4කට සුබයි

2022 මාර්තු මස 15 වැනි අගහරුවාදා

රාහු කාලය දිවා 03.20 සිට 04.51 දක්වා රාත්‍රී 03.18 සිට 04.48 දක්වා

ශුභ දිසාව- බස්නාහිර, මරු සිටින දිසාව- වයඹ

මේෂ

වියදම් අධිකයි

එතරම් යහපත් දිනයක් නොවේ. අධික වියදම් ඇති කරයි. අන් අයගේ කටයුතු නිසා නිතර බියෙන් ජීවත් වීමට සිදුවේ. දරුවන් නිසා සිත් තැවුල් ඇති වේ. බාල සහෝදර සහෝදරියන්ගෙන් වාසියක් සිදුවිය හැක. අධ්‍යාපනයට උනන්දුව ඇති කරයි. විවාහය තුළ බොහෝ ගැටලු ඇති නොවේ. තුනටිය අමාරු හා ආහාර වෙනස් කිරීම අපහසුතා මතු විය හැක.

වෘෂභ

ආගමට නිසි වේ

වියදම් අධිකයි. තම නිෂ්පාදන ගැටලු මතු විය හැක. වෙනත් පුද්ගලයින් කළ යුතු වැඩ කිරීමට සිදු වේ. දරුවන් නිසා කාලයත් ශ්‍රමයත් වැය වේ. අන්යයන්ගේ ඊර්ෂ්යාවට විය හැකි දිනයකි. අලුත් බඩු භාණ්ඩ මිල දී ගැනීමට අවසර ලැබේ. විවාහය තුළ සාමකාමී බවක් ඇති කරයි. ආගමට දහමට වේ. දැනට පවතින රෝග තත්ත්වයන්ගෙන් සහනයක් උදා විය හැක.

මිථුන

කල්පනාකාරී වන්න

හානියට පත් විය හැක. තමා විසින්ම කරගන්නා පාඩුවකින් සිදු වීමට ඉඩකඩ තිබේ. කල්පනාකාරී විය යුතු දිනයකි. වියදම් අධික වේ. රැවටීම්, මුළා කිරීම්වලට හසු විය හැකිය. කරගෙන යන කටයුතුවල ප්‍රමාදතා මතු කරයි. වැටීම්, තැලීම්වලට ඉඩකඩ ඇත. භාරගෙන කරන වැඩකටයුතු සඳහා බාධා අවහිරතා පැන නගී. ශරීරාබාධවලට ඉඩකඩ තිබේ.

කටක

රජයෙන් සැලකිලි ලැබේ

වාසනාවන්ත දිනයකි. ඔබේ මිතුරන් සමඟ ප්‍රීතියෙන් කාලය ගත කරයි. සිතට සැනසිලිදායක ගතියක් ඇති කරයි. උසස් අයගෙන් උදව් උපකාර ලැබේ. රජයේ උසස් නිලධාරීන්ගෙන් සැලකිලි ලැබේ. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව අද වන විට සුළු හස්ත කර්මාන්ත කටයුතු සඳහා ශුභයි. ගෘහභාණ්ඩ අලුතින් මිලදී ගැනීමට හැක. ශරීර සෞඛ්‍යය ආශ්‍රය නොවේ.

සිංහ

ස්ථිර අදහසක් නැත

ආගමික භක්තිය ශ්‍රද්ධාව සිත තුළ ඇති කරයි. ඕනෑම මුදල් අතින් සිදුවේ. කුඩා දරුවන් නිසා කරදර සහ ඔවුන් නිසා සිත් තැවුල් ඇති කරයි. කරදර සහිත දවසකි. ස්ථිර අදහසක් නොමැතිව තැන් තැන්වල ඇවිදීමට සිදු වේ. කරන කටයුතුවලට බාධා සහ ප්‍රමාදතා ඇති කරයි. අධ්‍යාපන කටයුතුවලට උදාසීනතා මතු වේ. ශරීර උෂ්ණත්වය, රුධිර දුර්වලතා සහ හෘදයාබාධවලින් ප්‍රවේසම් වන්න.

කන්යා

සැනසිල්ල උදා වේ

බලාපොරොත්තු ඉෂ්ඨ වේ. සැනසිලිදායක දිනයකි. රැකීරක්ෂා කටයුතු උත්සාහවන්තව සිදු කරයි. මවගෙන් සහ මව් පාර්ශ්වයෙන් උපකාර ලැබේ. එසේම ප්‍රයෝගවලට හසුවීමට වංචා ඉඩකඩ තිබේ. ස්වාමියාට හෝ බිරිඳට දුක් කරදර ඇති කරයි. පවුලේ අය අතර ආරවුල් පැන නගී. ඇස්වල පීඩාවක්, කැක්කුමක් හෝ තුවාලයක් සඳහා ඉඩකඩ තිබේ. මුහුණ ආශ්‍රිතව සමේ ​​රෝග ඇති විය හැක.

තුලා

සුළු ලාභ ලැබේ

සුළු වශයෙන් හෝ බොහෝ විට ලාභ ප්‍රයෝජන ඇති කරන දිනයකි. බලාපොරොත්තු ඉෂ්ට වේ. කරන කියන සියලු කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. විනෝද චාරිකාවලට සහභාගී වීමට අවස්ථාවක් උදා වේ. අලුතින් ආරම්භ කරන කටයුතු සාර්ථක වේ. ප්රසිද්ධ නිෂ්පාදනයට යාමට හැකි වේ. උසස් අය සමග ආශ්‍රිත අවස්ථාව ලැබෙන අතර ගමන් බිමන් බහුල වේ. බෝවන රෝග, ලේ දූෂ්‍යාබාධ, හෘදයාබාධ ඇති විය හැක.

වෘශ්චික

බලාපොරොත්තු කඩවීමක්

යම් යම් දේවල් සම්බන්ධයෙන් හිතේ දුක ඇති වන දිනයකි. ආදර සම්බන්ධයක් නිසා හෝ විවාහය නිසා බලාපොරොත්තු කඩවීමක් ඇති වේ. නිතර සිත් තැවුලෙන් සිටී. නින්දා අපහාස චෝදනාවලට ලක් විය හැක. මුදල් හානි ද අලාභ ද ඇති කරයි. සහෝදර සහෝදරියන්ට අසනීප ඇති විය හැක. වැඩිහිටි අය සමග නිතර වාද විවාදවලට පැටලේ. සමේ රෝග හෝ චර්ම රෝග ඇතිවීමේ ඉඩකඩ තිබේ.

ධනු

සහකරුට අසනීප

කේන්තිය පාලනය කළ යුතු දවසකි. සහකරුට හෝ සහකාරියට අසනීප ගති මතු කරයි. කරගෙන යන කටයුතු වලට බාධා ඇති විය හැක. නිතර කනස්සල්ලෙන් කාලය ගත කරයි. පියාට හෝ පවුලේ වැඩිහිටියකුට කරදර ඇති විය හැක. නීති විරෝධී වැඩවලට අවධානය යොමු කිරීමට අවසර ඇත. ප්‍රවේසම් විය යුතුයි. අධික රුධිර පීඩනය, උණ, ලේ දූ‍යවීම් ඇති විය හැක.

මකර

සැප සතුට ලැබේ

මිල මුදල් ලාභයක් උරුමයි. සැපෙන් සතුටින් කාලය ගත වේ. මිත්‍ර ආශ්‍රයක් ද ඔවුන්ගෙන් විශේෂ ආධාර ද ලැබේ. විවාහයෙන් යම් ලැබීමක් පෙන්නුම් කරයි. නිවාස පිළිසකර කිරීම හෝ අලුත්වැඩියාවක් සිදු වේ. සමාජයේ පවතින, කීර්තිය ලැබේ. වෙළඳ ව්‍යාපාර දියුණු වේ. අධ්‍යාපන කටයුතුවලට යහපත්. රාගාධික සිතුවිලි පහළ කරන දිනයකි. සෞඛ්‍යයට කිසිදු අයහපත් නොවේ.

කුම්භ

නිදහසයි

සමාජයෙන් යහපත්ව නිදහසේ කාලය ගත කිරීමට උත්සාහ කරන දිනයකි. නියමිත වේලවට ආහාර ගැනීම මගහැරේ. දරු දැරියන්ට අපලදායක දිනයකි. ඔවුන් හිතුවක්කාර ගති නිසා සිතට කරදරකාරී බවක් ඇති කරයි. දන්නා මිත්‍රදීන්ගෙන් වෙන්වීමක් සිදුවේ. තරග විභාගවලින් හිතන තරම් සාර්ථක ප්‍රතිඵල අත් නොවේ. ශරීරයේ උෂ්ණ ගති මතු කරයි.

මීන


නිශ්ශබ්ද ගමන් යෙදේ

ධෛර්යය වැඩ කටයුතු සිදු කරන දිනයකි. කෑළාම්වලට අසුවීමේ ඉඩකඩ තිබේ. ගෙදරදොර ගැටලු ඇති විය හැක. සහකරු හෝ සහකාරිය සමග මත ගැටුම් හට ගනී. මුදල් අපහසුතා මතු කරයි. දරුවන්ට අසනීප ගති ඇති විය හැක. ප්‍රයෝජනයක් නැති වීම අපහසු වේ ගමන්බිමන් ද යාමට. ශරීර සෞඛ්‍යය එතරම් යහපත් නොවේ. උදරාබාධ, උණ වැනි රෝග ඇති කළ හැක.

The post අද ලග්න 4කට සුබයි appeared first on Aruna.

Next Post

‘‘රට ගොඩගන්න අයි.එම්.එෆ් සහාය ගන්න‘‘

Tue Mar 15 , 2022
රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්නැයි ඇමතිවරුන් ඊයේ(14) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී යළිත් වරක් ඉල්ලීමක් කර ඇත .

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.