නිමි ඇඳුම් දැඩි අර්බුදයක
අමුද්‍රව්‍ය මිල ඉහළ යාමේ සියලුම නිමි ඇඳුම් මිල 30–31% අතර ප්‍රමාණයෙන් ඉහළ මට්ටමක පවතින බව සමස්ත ලංකා කුඩා හා මධ්‍යයේ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.
අමුද්‍රව්‍ය ගෙන්වීමේදී අඩි 40ක කන්ටේනරයක් වෙනුවෙන් ප්‍රවාහන ගාස්තු ලෙස මෙතෙක් නැව් සමාගම් අය කර ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක් පමණ වන අතර මේ වනවිට එය රුපියල් ලක්ෂයකට ආසන්න වී තිබෙන බව එම සංගමය පවසයි.
භාණ්ඩයක් වශයෙන් ගෙන්වීමේදී භාණ්ඩ අඩියකට අය කළ රුපියල් 6,000ක මුදල රුපියල් 25,000කට ආසන්න වී තිබෙන ඔවුන් වර්ග සඳහන් කරයි.
පවතින තත්ත්වය තුළ දේශීය නිමි ඇඳුම් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත්, මේ නිසා දහස් ගණනකට රැකියා අහිමි වී ඇති බවත් එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කළේය.
The post නිමි ඇඳුම් මිලත් ඉහළට appeared first on Aruna.