බොරතෙල් බැරලය මිල ඩොලර් 4කින් පහළට

බොරතෙල් බැරලයක නව මිල ඩොලර් 108.55යි

යුක්රේනය සම්බන්ධයෙන් රුසියාව කැමැත්තෙන් පසුවන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය ඉරිදා (13දා) ප්‍රකාශ කිරීමත් සමග (14දා) ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 4කින් පහත වැටිණි.

ඒ අනුව පසුගිය සිකුරාදා ඩොලර් 112 සීමාවේ පැවති බ්‍රෙන්ට් (Bernt) බොරතෙල් බැරලයක මිල (14 සෙ.මී.) 3.6% පහත බැස ඩොලර් 108.55 ලෙසින් වාර්තා විය.

ඊට අමතරව ‘එක්සත් බටහිර ටෙක්සාස් අතරමැදි’ (WTI) බොරතෙල් බැරලයක මිලද පසුගිය සතියට 3.7% කින් පහත බැස ඩොලර් 105.40 ක් ලෙසින් ජපානය (14 ක්) සටහන් විය.

රුසියාව පසුගිය පෙබරවාරි 24 දින යුක්‍රේනයට එරෙහිව යුද්ධය ආරම්භ කිරීමත් සමග ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සීග්‍ර ලෙස ඉහළ මිල ආරම්භ විය.

ඒ අනුව පසුගිය සතිය ආරම්භ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 140 සීමාව දක්වා ඉහළ ගියේය.

යුක්‍රේන රුසියා යුද්ධය අවසන් වීමෙන් අනතුරුව පසුගිය සතිය ආරම්භ වන විට බොරතෙල් බැරලයක් මිල උපරිම ලෙස 40%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නයන තරංග ගමගේ

The post බොරතෙල් බැරලය මිල ඩොලර් 4කින් පහළට appeared first on Aruna.

Next Post

රෝහල් සුළු සේවා පාලක පත්වීම් 108 ක්

Tue Mar 15 , 2022
රෝහල් 55 ක වසර කීපයක සිට පුරප්පාඩුව පැවැති සුළු සේවා පාලක පත්වීම් 108 ක් සෞඛ්‍ය අමාත්‍යංශයේ රෝහල් ඕවසියර් තුන්වැනි ශ්‍රේණියේ පත්වීම් ලෙස ප්‍රදානය කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.