ඉන්ධන පෝලිමේ ඉන්න ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කිව්ව කතාව

රට තුළ ඇති ඉන්ධන පෝලිම් ගැටලුව විසඳා ගැනීම සඳහා ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය එම ඉල්ලීම සිදු කළා.

මේ වනාහී ලැගෙමින් පවතින ජනතාව අසාමාන්‍ය‍ය පරිභෝජන රටාවකට හුරුවෙලා තිබෙන බැවින් එය දිගටම පවතින බලශක්ති අමාත්‍යාංශය විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත් මේ තත්ත්වය පාලනය කරගත නොහැකි බව ඇය පවසයි.

“පෙට්‍රල් 92, පෙට්‍රල් 95, සුපිරි ඩීසල් ගැන මේ වනවිට කිසිඳු ගැටලුවක් නොමැත. නමුත් මේ ඔටෝ ඩීසල් (සාමාන්‍ය ඩීසල්) සම්බන්ධයෙන් තවමත් දිගු පෝලීම් ලැබෙනවා.”

“දැන් ඉන්ධන ලැබෙමින් පැවතියාත් ජනතාව අසාමාන්‍ය පරිභෝජන රටාවකට හුරුවෙලා තියෙනවා. එය දිගටම කරගෙන ගියොත් බලශක්ති අමාත්‍යාංශයටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත් මේ තත්ත්වය පාලනය වෙනවා.”

“රටේ සාමාන්‍ය තත්ත්වය යටතේ ඔටෝ ඩීසල් තිබේ නම් මෙට්‍රික් ටොන් 5,500ක් පමණ වේ. දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි වෙනකොට මේක 6,500කට වගේ වැඩි වුණා.”

“ඉතින් ජනතාව මේ ආකාරයෙන් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කළහොත් අපගේ සැලසුම් ක්‍රියාත්මක වීමට විශාල බාධාවක් වේ.”

“සාමාන්‍ය තත්ත්වය යටතේ දින 2ක් 3ක් කළමනාකරණය කළ ඉන්ධන දැන් පැය 2ක් 3ක් යනකොට ඉවර වෙනවා.”

“මේ තත්ත්වය යටතේ කවුරු හරි අහනවා නම් මේ ප්‍රශ්නය කවදා ද ඉවර වෙයි කියලා. යම් දිනය වැඩි අවස්ථාවට ඉදිරිපත් කිරීමක් සිදුවේ.

“දැන් මිනිස්සු පුරුදු වෙලා ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවගෙන යන්නෙන් දෙක තුනකටත් අරගෙන යන්න.”

“මම මහජනතාවගෙන් ඉල්ලන්නේ කරුණාකරලා මේ පුරුද්ද නතර කරන්න. මේක දැන් අපි පුරෝකථනය කරපු ඉල්ලුමට පිටින් යන තත්ත්වයට පත්වෙලා. ඒ නිසා ඉදිරියේදී විශාල ගැටලු ඇති විය හැක. ඒ නිසා මේ තත්ත්වය කළමනාකරණය කරගන්න ඔබේ උදව් අනිවාර්යයෙන්ම අවශ්‍යයි.”

“මේ තත්ත්වය ඉදිරියට ගියොත් දිනකට ඉන්ධන මෙට්‍රික් ටොන් 10,000කින්වත් ගැලවෙන්න. නැවක එන්නෙත් මෙට්‍රික් ටොන් 37,500යි 40,000යි අතර.”

“අපි දිනක් වෙනුවෙන් නිකුත් කරන ඉන්ධන තොගය ඔබට පුළුවන් පැය කිහිපයකින් අවසන් කරන්න. ඒ නිසා මේ ගැන හිතන්න.”

“තවත් ප්‍රශ්නයක් තමයි ගොඩක් අය අහනවා.. පෙට්‍රල්වලට තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා. කවදාහරි අපිට පෙට්‍රල් 92 තිබුණා දින 8කට ඇතිවෙන්න. පෙට්‍රල්වල දිනක මෙට්‍රික් ටොන් 4,000ක් වගේ.”

The post ඉන්ධන පොලිමේ ඉන්න ජනතාවගෙන් ඉල්ලීමක් කරයි appeared first on Aruna.

Next Post

දුම්රිය ගාස්තුව වැඩිකරනවාට ස්ථානාධිපති සංගමය විරුද්ධයි

Tue Mar 15 , 2022
දුම්රිය ප්‍රවේශපත් ගාස්තුව ඉහළ දැමීමේ යෝජනාවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විරුද්ධ යැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.