යූ ටියුබ් විශේෂඥයාට ලංකාව එපාවෙයි (වීඩියෝ)

ජනප්‍රිය යූ ටියුබ් තාරකාව ලෝකයටම ලංකාව ගැන කිව්ව දේ

ලොව පුරා යූ ටියුබ් සමාජ ජාලය භාවිතා කරන්නන් අතර, සංචාරක වීඩියෝපට සම්පාදකයකු සහ සමාජ ජාල වෙත වන ජර්මානු ජාතික කෙන් එබ්‍රොඩ් (කෙන් පිටරට) විදේශ විනිමය සහ විදුලි අර්බුදය සිය සංචාරය අතරතුර ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය නවතම වීඩියෝව යූටියුබ් ජාලයට එක්කරමින් ප්‍රකාශ කර ඇත ”රට තුළ අභියෝග වඩාත් නරක අතට හැරෙමින් පවතින නිසා මම සැලසුම් කළ කාලයට පෙර ශ්‍රී ලංකාව හැර යාමට කටයුතු කරමි” යනුවෙනි.

”ශ්‍රී ලංකාවේ දිනකට පැය හයක්, අටක් විදුලිය විසන්ධි වෙනවා. එය මට පමණක් නොවේ බොහෝ ව්‍යාපාරවලටද ගැටලුවක්. විදුලිය විසන්ධි වන නිසා මට ලැප්ටොප් පරිගණකය හෝ වයිෆයි රවුටරය පන්ගැන්විය නොහැක. සවස් කාලය වන විට මෙම තත්ත්වය වඩාත් නරක අතට හැරෙනවා.බොහෝ අවන්හල් වසා දමා තිබේ”

කෙන් සිය වීඩියෝ පට හරහා ශ්‍රී ලාංකිකයන් ලොව පුරා සංචාරයට ප්‍රිය කරන පුද්ගලයින් විශාල සංඛ්‍යාවකගේ ප්‍රසිද්ධියට පත් වූ සමාජ ජාල ක්‍රියාකරුවෙක් වන අතර ඔහු සිය වීඩියෝපට හරහා ලොව පුරා විවිධ සංචාරක ගමනාන්ත වෙත ගොස් එම ස්ථාන ලොව පුරා ජනප්‍රිය කරවීමට කටයුතු කරනු ලැබේ. සාමාන්‍යයෙන් සිය සංචාරක ස්ථාන පිළිබඳව ධනාත්මක අදහස් ඉදිරිපත් කරන කෙන්ගේ ශ්‍රී ලංකාව සම්බන්ධ මෙම ප්‍රතිචාරය සහිත වීඩියෝවක් මේ වන විටත් අවධානයට ලක්ව ඇත.

නයන තරංග ගමගේ

The post යූ ටියුබ් සඳහා ලංකාව එපාවෙයි (වීඩියෝ) appeared first on Aruna.

Next Post

තාක්ෂණික සහාය සඳහා IMF සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය

Tue Mar 15 , 2022
තාක්ෂණික සහාය සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡාවක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ මහතා පවසයි. මුදල් අමාත්‍යවරයාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති අතර ඔවුන්ගේ නියෝජිතයන් දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. අපි ඒවා ලබා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.