කෝලිගේ ස්ථානය දිමුත්ට

දිමුත් තෝරාගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ 5 වැනි තැනට

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරඟයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් එළිදක්වා ඇත.

මෙම නව ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ස්ථාන 3ක් ඉදිරියට පැමිණ ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් හට නව ශ්‍රේණිගත කිරීම්වල හිමිව ඇත්තේ 5 වන ස්ථානයයි.

ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 781කි.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Marnus Labuschagne ටෙස්ට් පිතිකරණ ලැයිස්තුවේ ඉදිරි පෙරමුණේ රැඳී සිටී.

කෙසේ වෙතත් තවත් කැපී පෙනෙන සිදුවීමක් වන්නේ සිය 100 වන ටෙස්ට් තරඟ සීමාව පසු කළ ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි හට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඔහුගේ ස්ථානය අහිමි වීමයි.

ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔහු ස්ථාන 4ක් පහළට ගොස් නතර වී ඇත්තේ 9 වන ස්ථානයේය.

The post කෝලිගේ ස්ථානය දිමුත්ත appeared first on Aruna.

Next Post

‘ආණ්ඩු විරෝධි සටන දිගටම ගෙනියනවා‘

Wed Mar 16 , 2022
කොළඹදී ආරම්භ කළ ආණ්ඩු විරෝධී සටන ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන තෙක් ඉදිරියට මෙහෙයවන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා කොළඹදී අද (16) ප්‍රකාශ කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.