පොලිස් නිල ඇඳුමට එහා ගිය මනුෂ්‍යත්වය

සමාජ මාධ්‍ය හරහා වේගයෙන් හුවමාරුවෙන ඡායාරූපයේ කතාව

පොලිස් නිලධාරියෙකු නිල ඇඳුමින් සැරසී පාසල් දරුවෙකුට ආහාර කවන ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ සැරිසරයි.

නවගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් ද සිල්වා මහතා ආහාර ලබා දෙන්නේ අනතුරකට ලක්වූ දරුවෙකුටය.

අද කඩුවෙල මුනිදාස කුමාරතුංග විදුහල ඉදිරිපිටදී මෙම දරුවා බස් රථයෙන් අනතුරට ලක්ව තිබේ.

එම පාසල ඉදිරිපිට රථවාහන රාජකාරී කටයුතුවල නිරතව සිටින්නේ නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයාය.

අනතුර දුටු පොලිස් ස්ථානාධිපතිවරයා කඩිනමින් ක්‍රියාත්මක වී ක්ලාන්ත වී සිටි දරුවා ජීප් රථයට නංවාගෙන නවගමුව රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

රෝහලට ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව දරුවා කුසගින්නේ සිට ඇති බව අනාවරණය කරගත් පොලිස් ස්ථානාධිපතිවරයා රෝහලක් වෙත රැගෙන ගොස් වෛද්‍ය ආහාර ලබා දී ඇත.

පසුව දරුවාගේ මව්පියන් කැඳවා දරුවා භාරයට පත්කළ ස්ථානාධිපතිවරයා නැවත සේවයට වාර්තා කර ඇත.

පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමින් වැසී තිබුණද හදවත ඇති කරුණාව මොනවට පැහැදිළි කරන මෙම ඡායාරූප පෙළ මේ වනවිට සමාජ මාධ්‍ය හරහා වේගයෙන් හුවමාරු විය.

The post පොලිස් නිල ඇඳුමට එහා ගිය මනුෂ්‍යත්වය appeared first on අරුණ.

Next Post

ජනතාව පෝලිම්වල දුක් විදිද්දී ආණ්ඩුව ඉන්ධනවලින් ලාභ උපයනවා

Wed Mar 16 , 2022
යහපාලන ආණ්ඩුව තිබුනේ නම් අද ඉන්ධන මිල විය යුත්තේ ඩීසල් ලීටරය රු. 126 ක් සහ පෙට්‍රල් ලීටර රු. 130 ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.