දිමුත්ගෙන් සැර ප්‍රකාශයක්

කිසි ප්‍රශ්නයක් අවශ්‍ය කෙනෙකුට දෙන්න

ඉන්දියානු සංචාරය නිමකළ ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) අළුයම දිවයිනට පැමිණ ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න,

“අපි තරගයක් හෝ ජය ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියේ නමුත් අපි ඒ දේ කරගන්න බැරි වුණා. බැටින් පෙනුම බැලුවත්, බෝලින් බැලුවත් දුර්වලතා තිබුණා. ඉන්දියාව කියන්නේ ප්‍රබල කණ්ඩායමක්. පසුගිය කාලවල්වල වුවත් ප්‍රබල ක්‍රිඩකයෝ ඉද්දිත් අපි තරගයක් ජයගෙන නැහැ. අපි කොහොමහරි තරගයක් ජයගන්නේ නැතිව බැලුවේ අපි කොහොමහරි හිතේ තියාගන්නේ. නමුත් අපේ පැත්තට වාසියක් නැහැ. ගොඩක් වෙලාවට කාසියේ වාසියත් අපි පරාජයට පත් වුණා. කණ්ඩායමක් ලෙස බැලුවොත් දක්ෂතා අතර හොඳ මට්ටමකට එන්න බැරි වුණා. කණ්ඩායමේ ගොඩක් සංයුතියවෙලාවට වෙනස් වෙයි මම හිතන්නේ. ක්‍රීඩකයෝ බොහෝ ආබාධවලට ලක්වෙලා තියෙනවා. ඉත් සමඟත් එකක් බලද්දි ඉදිරියේදී නිර්මාණයේදී වෙනස් වෙයි.”

ප්‍රශ්නය – ඔබගේ නායකත්වය වෙනස් වෙයිද ?

“ඒක මම දැන් නැහැ. ක්‍රිකට් තේරීම් කමිටුව. ඒ අයට නම් මාරු කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මට කරන්න පුළුවන් උපරිමය මම කළා. මේ ක්‍රිකට් තේරිම් කමිටුවට මදිනම් මම හිතනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. කාට හරි දෙන්න ඕනේ කියලා හිතනවානම් ප්‍රශ්නයක් නැහැ.”

The post දිමුත්ගෙන් සැර ප්‍රකාශයක් appeared first on අරුණ.

Next Post

‘ඉන්ධන-ගෑස් ලබාදීමේදී සංචාරක ‍ක්ෂේත්‍රයට ප්‍රමුඛතාව දෙන්න‘

Thu Mar 17 , 2022
ඉන්ධන හා ගෑස් ලබාදීමේදී සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට ප්‍රමුඛතාව දෙන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අදාළ විෂයභාර ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.