මැදින් පොහොය අදයි

දිවයින පුරා විහාරස්ථානවල දාන, සීල හා භාවනා පිංකම් රැසක්

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ මැදින් පුර පසළොස්වක පොහොය දිනය අද (17 වැනිදා)ට යෙදී ඇත.

සිදුහත් බෝසතාණන් බුද්ධත්වය ලැබීමෙන් අනතුරුව මහා සංඝරත්නය සමඟ සිය පියාණන් වූ සුද්ධෝදන රජතුමා ඇතුළු ශාඛ්‍යවංශික සමාගම දැකීමට රජගහ නුවර සිට කිඹුල්වත් පුරය බලා මුල්වරට ගියේ අද වැනි මැදින් පොහොය දිනයකය. සියගේ මානය බිඳවැටීම සඳහා යමා මහ පෙළහර පෑම සහ ධර්මය සුද්ධෝදන රජතුමා මාර්ග රෝග ලැබීම වැනි කිඹුල්වත්පුරයේදී සිදුවිය.

ගිහිකල සිය බිරිඳ වූ යශෝධරා දේවියගේ දුක නිවීමට සඳකිඳුරු ජාතකය දේශනා කිරීම, සිය පුතු වූ රාහුල කුමරු සහ සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමියගේ පුතු වූ නන්ද කුමරු පැවිදි කරනු ලැබුවේ ද මැදින් පොහොය දිනයේදීය.

මැදින් පොහොය නිමිත්තෙන් අද (17දා) දිවයින පුරා ආගමික සිද්ධස්ථානවල දාන, සීල හා භාවනා පිංකම් රැසක් සිදු විය.

The post මැදින් පොහොය අදයි appeared first on Aruna.

Next Post

පළාත් කිපයකට සවස් කාලයේ වැසි

Thu Mar 17 , 2022
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත්, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (17) සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.