විදුලි බිල දෙගුණයකින් ඉහළට

විදුලි බිල වැඩිවෙන්නේ මෙහෙමයි

සාමාන්‍ය විදුලියෙන් රුපියල් දහතුනක පාඩුවක් සිදුවන විදුලි බිල වැඩි කරමින් රුපියල් කෝටි දහහතර දාහක අමතර ආදායමක් ලබා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ විදුලි බිල වැඩිකිරීමේ යෝජනාව ලැබී ඇති බව මහජන උපයෝගිතා සභාපති ජනක රත්නායක ‘අග අරුණ’ ට කියා සිටියේය. එම යෝජනාව අධ්‍යයනය කර සංශෝධන සහිතව ලබා දෙන බව සභාපතිවරයා කීවේය.

ඒ අනුව ඔබට තිහක් දක්වා වූ විදුලි පාරිභෝගිකයකුට මෙතෙක් කල් විදුලි සැපයුමක් ලබා දෙන්නේ රුපියල් දෙකයි ශත පනහකටය. ඒ සඳහා ස්ථාවර ගාස්තු ලෙස රුපියල් තිහක් අයකරන. නව යෝජනාවට අනුව රුපියල් පහයි ශත පනහ දක්වා වැඩිවන අතර, ස්ථාවර ගාස්තුව රුපියල් 290 දක්වා වැඩි වෙයි. ඒ අනුව උපකරණ සඳහා විදුලිය භාවිතා කිරීම සඳහා කාණ්ඩ හතක් යටතේ ගාස්තු සංශෝධනය කර තිබේ.

රාජ්‍ය ආයතනය, කර්මාන්ත, හෝටල්, වෙළඳසල් සහ ආගමික සිද්ධස්ථාන සඳහා මිල ගණන් බෙදා ඇත. කර්මාන්ත සඳහා අවම වශයෙන් 38% ක විදුලි බිල ද, හෝටල් සඳහා 23% ක විදුලි බිල ද, රාජ්‍ය ආයතනය සඳහා 22% ක් ද අවම වශයෙන් සිදුවන බව එම යෝජනාවලියේ සඳහන් වේ. ලංකා විදුලිබල මණ්ඩලය විදුලි බිල මීට පෙර වැඩිකර ඇත්තේ වසර අටකට පෙරය.

උදයජීව නායක

The post විදුලි බිල දෙගුණයකින් ඉහළට appeared first on Aruna.

Next Post

ප්‍රවාහ කිරීමට ත්‍රාසජනක චිත්‍රපටයක් අවශ්‍යද? මෙන්න ඔබට 'Monster' නොමිලේ නැරඹිය හැකි ආකාරය

Sat Mar 19 , 2022
විශේෂාංගගත සියලුම නිෂ්පාදන සහ සේවාවන් සංස්කාරකවරුන් විසින් ස්වාධීනව තෝරා ගනු ලැබේ. කෙසේ වෙතත්, Billboard හට එහි සිල්ලර සබැඳි හරහා කරන ලද ඇණවුම් සඳහා කොමිස් මුදලක් ලැබිය හැකි අතර, සිල්ලර වෙළෙන්දාට ගිණුම්කරණ අරමුණු සඳහා නිශ්චිත විගණනය කළ හැකි දත්ත ලැබිය හැකිය. රෙජිනා ශාලාවගේ ත්‍රාසජනක චිත්‍රපටිය රකුසා සිකුරාදා (මාර්තු 18) ප්‍රයිම් වීඩියෝවෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.