සිංහල ගෑනු ළමයෙක් පෙම්වතිය වුණා නම්…

අද දවසේ අපි ඔබට සමීප කරන්නේ කලා කුසලතාවන් සපිරි තාරුණ්‍යයේ පසුවන තවත් අලුත් රංගන ශිල්පියෙක්. ඔහු නමින් ටී. දර්ශන්. ශක්ති නාළිකාවේ නිවේදකයකු ලෙස සහ රංගන ශිල්පියෙකු දමිළ ජනතාවගේ ආදරය ආකර්ෂණය කරගත් මේයා මේ වෙද්දී සිංහල රසිකයෝ අතර දුෂ්ටයාගේ චරිතයෙන් පැමිණ තිබේ. දෙරණ නාළිකාවේ විකාශය වූ හිතුවක්කාරහි කෙවින්, ඒ වගේම මේ දිනවල විකාශය වන සිඳු 3 – ශක්තිහි වර්ණට පණ පොවන්නේ කඩවසම්යා.

දරුවා ඉපදී විවේකානන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඔහු කලාවට සම්බන්ධ වන්නේ බොහෝ බලාපොරොත්තු සිතේ තබාගෙනය. නමුත් ඔහුගේ ආරම්භය සිදුවන්නේ චිත්‍ර කලාව.

පොඩි කාලේ ඉඳන්ම මම චිත්‍ර අඳිනවා. අට වසරේ නවය වසර වගේ වෙද්දී Portrait අඳින්න ගත්තා. දැන් මම හොඳින්ම Portrait අඳින්න දන්නවා. චිත්‍ර කලාවට තමා මම මුලින්ම සම්බන්ධ වුණේ. මගේ හිතේ තිබ්බා කෙනෙක් එක් කලා මාධ්‍යයකට සම්බන්ධ වුණොත් අනෙක් කලා මාධ්‍යවලට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. ඒ නිසා පොඩි කාලේ ඉඳන් මේ පැත්තත් පොඩියට කරගෙන ගියා. මම සුදු නිසා යාළුවෝ කට්ටිය මාව මිස්ටර් බීන් කරගෙන හිටියා. නමුත් උසස් පෙළ අවසන් වුණාට පස්සේ මම දන්නේ නැහැ මම මොනවද කරන්නේ කියලා. මොකද උසස් පෙළ මම කළේ නිෂ්පාදනයෙන්. නමුත් විෂයන් දෙකයි මම සමත් වුණේ.

ට්‍රැවල් කරන්න ආස නිසා cabin crew එකට යන්න හිතුවා. ඒ නිසා cabin crew ඉගෙන ගත්තා. නමුත් ඉන්ටව් යන්න ලැබුණේ නැහැ. ඒ දවස්වල මම පාරේ යනවා දැකලා ශක්ති ටීවී එකේ ප්‍රසන්ටර් කෙනෙක් ඇවිත් මා එක්ක කතා කළා. එයා කිව්වා ටැමිල්වලින් ටෙලි සීරියස් එකක් තියෙනවා ඔයාගෙ නම්බර් එක දෙන්න කියලා ඉල්ලා ගත්තේ නැහැ. මට එදා නම් ලැබුණේ ජොබ් එකක් නැති කාලේ නිසා මාධ්‍ය ඇතුළට යන්න. ඒ නිසා මම කිව්වා කැමරාව ගැන මට ලොකු අවබෝධයක් නැහැ. ආර්ට් ප්‍රඩක්ෂන්වල වැඩක් තිබ්බොත් කියන්න මම එයාගේ කන්ටැක් එක දාගත්තා.

එදායින් පස්සේ fb එකේ එහෙම චැට් කරගෙන ෆිට් එකේ හිටියා. එයා මගේ ප්‍රොෆයිල් එක ශක්ති ටීවී එකේ ඩිරෙක්ටර් කෙනෙක්ට පෙන්නලා තිබ්බා. මට ඉන්ටව් එන්න කිව්වා. එදා මගෙන් ඇහුවෙත් ටීවී ෂෝ එකක් කරන්න කැමතිද කියලා. මම මුලින්ම කැමති වුණේ නැහැ. ඒක එයා කිව්වා හොඳ පේමන්ට් එකක් දෙන්නම් කියලා. ඒ වෙද්දී cabin crew රැකියාවත් පරක්කු නිසා පොඩි කාලෙකට කරමු කියලා හිතලා කැමති වුණා. සැපදී ටෙලි සීරියස් හයක් විතර කළා.

සිංහල නාට්‍යයකට සම්බන්ධ වීමට ඔහුට අවස්ථාවක් බලා සිටීමට සිදු විය. ඒ අවස්ථාව ලැබෙන්නෙත් හරිම අහම්බෙන්. ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්නත් දර්ශන වලට සිදුවෙනවා..

මම අවුරුදු අටක් විතර ශක්ති ටීවී එකේ හිටියා. ටෙලි සීරියස් ගත්තට පස්සේ මම ආසවෙන් හිටියා. ඔය අතරේ තමයි ගිය වසරේ ජූලි මාසයේ මට දෙරණ ටීවී හිතුවක්කාර එකේ දුෂ්ටයාගේ චරිතයට කතා කළේ. ඒ වෙද්දීත් මම ශක්ති ටීවී එකේ වැඩ කරනවා. මම නිවාඩු වෙලාවක ගිහින් ඩිරෙක්ටර්ව හමුවුණා. එයා ඇහුවා කෙවින් කියන විලන් චරිතය තියෙන්නේ. ඒ වගේම මේ නාට්‍යය කොටස් 20ක නාට්‍යයක්. ඔයාට ශක්ති එකෙන් අවසර ලැබේද කියලා. මම කිව්වා මම අවසර ගන්නම් කියලා. නමුත් ඇවිත් ඇහුවම තවත් නාළිකාවක් නිසා අවසර දෙන්න විදියක් නැහැ. ඔයා තීරණය කරන්න කියලා. ප්‍රකටදී මම හිතුවා ශක්ති එකට සමුදීලා මේ ලැබුණු අවස්ථාව භාරගන්න.

රැකියාව අවදානමේ තබා ඔහු මෙම තීරණය ගන්නේ සිංහල ටෙලි නාට්‍යයක දායකත්වයට ඇති කැමැත්ත, එහි දුෂ්ටයාගේ චරිතයට තිබූ රුචිකත්වය නිසාමයි…

මම ගොඩක් කැමතියි දුෂ්ට චරිත කරන්න. ඒ නිසා සිංහල පළමු නිර්මාණයෙන්ම දුෂ්ට චරිතයක් ලැබුණු එක මම දැක්කේ ආශිර්වාදයක් විදියට.

‘හිතුවක්කාර’ නාට්‍යයේ දුෂ්ටයාගේ චරිතය සාර්ථකව සැපයීම නිසා ‘ශක්ති’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය සඳහා ධර්ශන්ව යෝජනා වේ…

හිතුවක්කාර කොටස් 20 අවසන් වෙද්දීම කෙවින් කියන දුෂ්ට චරිතය බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණා. හිතුවක්කාර අවසන් වෙද්දී ඩිරෙක්ටර් ඇහුවා සිඳු නාට්‍යයේ තුන්වැනි කොටස ශක්ති කියලා පටන් ගන්නවා එහි ප්‍රධාන දුෂ්ටයාගේ චරිතය වන වර්ණගේ චරිතය කරන්න පුළුවන්ද කියලා. ඒ වෙද්දී මම හිතලා තිබ්බේ මෙගා නාට්‍යයක දුෂ්ට චරිතයක් තියෙනවා නම් කියලා. ඒ නිසා මම ආසවෙන් භාරගත්තා.

අවසානයේ ඔහු කැමති ආකාරයට දිගටම දුෂ්ටයාගේ චරිතය ලැබීමට ගත්තා. මොකද බොහෝ අධ්‍යක්ෂවරු කිව්වේ ‘ධර්ශන්ව ගැළපෙන්නේ දුෂ්ට චරිතවලට’ කියලයි. ඊටත් තිබුණා..

මම මට පෙන්නන්න පටන් ගත්ත කාලේ ඉඳන් ගොඩක් අය කියල තියෙනවා මට වීරයා වෙන්න ඕනේ කියලා. මොකද මගේ සමේ වර්ණය සුදු නොවන නිසා. මිනිස්සු වීරයෙක් මේ පාට සමකින් පිළිගන්නේ කියලා. ගොඩක් සැරයක් අහලා ඉවරවෙලා මම හිත හදාගත්තා, ‘හරි එහෙනම් දුෂ්ට චරිතය කරමු’ කියල. ඊට පස්සේ දුෂ්ට චරිතය රඟපාන එක මගේ ප්‍රියතම දෙයක් බවට පත්වුණා. ඔය, කට්ටිය මට එහෙම කියපු එක මගේ හිතේ කොණක තිබ්බා. කවුරු හරි අධ්‍යක්ෂවරයෙක් මාව වීරයා හැටියට ගත්තොත්, මම කියනවා වීරයාට වැඩිය දුෂ්ට චරිතය මට ගැළපෙනවා, ඒක කරන්නද?’ කියලා. වීරයෙක් බිහිවෙන්නත් හොඳ දුෂ්ටයෙක් ඉන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම දුෂ්ටයාට කැමතියි.

නමුත් අලුත්ම නිර්මාණයක් මේ මතය වෙනස් කරගන්න දර්ශන වලට හැකි වුනා…

ඔව්. ඒ හේමන්ත ප්‍රසාද් මහතා අධ්‍යක්ෂණය කරපු ‘මායම් කිරිල්ලි’ ටෙලි ෆිල්ම් එකේ විශල් කියන චරිතය. ඇත්තටම පොඩි දුෂ්ට බවක් තිබුණත් මම වීරයා වෙනවා. ඒ නිසා විශල් කියන්නේ මම බොහොම ආශාවෙන් කරපු නිර්මාණයක්. මම එකේ නිෂ්පාදනයේ අනුරාධා එදිරිසිංහ කියන දක්ෂ රංගන ශිල්පිනිය එක්ක. ඉදිරියේදී නිර්මාණයත් දැකගන්න ලැබෙනවා. ඒ වගේම මාව වීරයා කරපු තව තැනක් තියෙනවා. ඒ තමයි එක දවසක් – One Day කියන පේජ් එකෙන් නවකතාවක් දාලා තිබ්බා. සම්මානනීය වීරයා විදියට පෙන්නලා තිබ්බේ මාව. ඒ කතාව ගොඩක් අය කියවලා ලොකු පිරිසක් නිර්මාණය වෙලා තිබ්බා. දැන් නම් ඒ කතාව Fb එකේ බලන්න නැහැ. එයා රයිට්ස් විකුණලා තියෙන්නේ පොතක් විදියට මැයිවල රිලීස් කරන්න. එකෙත් වීරයාට මගේ ෆොටෝ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නිසා කෙවින්ට සහ වර්ණට වඩා ගොඩක් අය මාව දන්නේ ඉන්ද්‍ර සහස්වර කියලා.

ඔහු ගොඩනගා ගත් ප්‍රතිරූපය ගැන ඔහුට ඇත්තේ ආඩම්බරයක්…

අනිවාර්‍යෙන්ම. එදා හැමෝම කිව්වේ සිංහල තරඟකාරිත්වය වැඩියි. මම දැක්කා ‘හිතුවක්කාර’ නාට්‍යයේ සාක්ෂිපාන්න තිබ්බේ කොටස් 20යි. කොටස් 20ක් පෙන්නන්නද රස්සාව දාලා යන්නේ කියලා සමහරු මගෙන් ඇහුවා. තවත් අය කිව්වෙ මගේ උපන් වෙලාව අහවල් නැකතේ හින්දා මට අපලයි නම් එහෙම තීරණ ගන්නේ කියලා. නමුත් ජූලි 7 වෙනිදා මම ඇස්වෙලා ආවා මට මගේ චරිතය ලැබුණේ මාස දෙකකට පස්සේ. නමුත් මට විශ්වාසයක් තිබ්බා මං ගැන. ඒ නිසා අද මම ඉන්න තැන ගැන සතුටුයි.

අනාගතය ගැන ලොකු බලාපොරොත්තු ගොඩක් දර්ශන්ගේ හිතෙත් තියෙනවා…

ඉස්සර නම් තිබ්බේ දුෂ්ටයි කිව්වොත් මගේ මුහුණ මතක් වෙන්න ඕනේ කියලා. නමුත් හේමන්ත ප්‍රසාද් මහතා අධ්‍යක්ෂණය කළ මායම් කිරිල්ලි ටෙලි චිත්‍රපටයෙන් පසුව මට හොඳ චිත්‍රපට රංගන ශිල්පියෙක් කියලා මගේ කතාවෙන් වෙනස් විය යුතු චරිත කළා. වීරයා වෙන්න ගොඩක් කට්ටිය ඉන්නවා. වීරයා වුණු අය ඉන්නවා. ඒ නිසා තරගකාරිත්වය වැඩියි. මට දැන් හොඳ නළුවන් අතර කෙනෙක් වෙන්න.

ආදරය ගැනත් ඔහුගෙන් නොආසා කොහොමද…

නැහැ, මට තාම පෙම්වතියක් නැහැ. තාම ඒ ගැන හිතලා නැහැ. දැනට රංගනය ගැන තමයි වැඩි අවධානයක් යොමු වෙන්නේ. ඒ දේවලුත් ඉදිරියේදී සිදු වෙයි.

සිංහල චරිත රඟපාන නිසා, සිංහල අයත් එක්ක කරන නිසා ආදරයත් සිංහල යුවතියක් ගැටලුව නතර වෙයිද කියන ප්‍රශ්නය අපට මතුවුණා…

මම දුෂ්ට චරිත කරන නිසා දර්ශන තලවලත් මම දුෂ්ටයාම තමයි. ගෑනු ළමයි ඔක්කොම ඉන්නේ වීරයා පැත්තේ. ඒ නිසා මා එක්ක ලොකු හිතවත්කමක් නැහැ. අනික ගොඩක් වෙලාවට මගේ ෂූටින් දවසේ මට නාට්‍යයේ ඉන්න අනිත් අය හම්බෙන්නේ නැහැ. මට හම්බෙන්නේ මා එක්ක ඉන්න එකම කණ්ඩායම. දැන් හිතුවක්කාර එක ගත්තම මගේ දුෂ්ට ටීම් එකට අමතරව මාලනී ෆොන්සේකා මහත්මිය ඇතුළු අනෙකුත් සියලුම මට මුණගැහුණේ බැකප් පාටියේදී විතරයි. ඒත් වීරයා විදියට රඟපාද්දී නම් ආස හිතෙනවා වගේ ආදරණීය කතා කරන සිංහල ගැහැණු ළමයෙක් පෙම්වතිය විදියට හිටියා නම් කියලා. ඒ අදහස ඔළුවට ඇවිත් යනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

අනූෂා රණසිංහ

The post සිංහල ගෑනු ළමයෙක් පෙම්වතිය වුණා නම්… appeared first on අරුණ.

Next Post

පලාත් පාලන ආයතන දුම්රියට කෝටි 10 ක් ණයයි

Sat Mar 19 , 2022
දුම්රිය දෙපාර්තමේන්තුවට හිමි දේපළ පරිහරණය කිරීම වෙනුවෙන් රට පුරා පළාත් පාලන ආයතනවලින් රුපියල් කෝටි 10 කට වැඩි මුදලක් එම දෙපාර්තමේන්තුවට අයවිය යුතු බව දැනගන්නට තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.