සතියට දින තුනක් නිවසේ සිට වැඩ කරන්න

තෙල් භාවිතය අවම නිර්දේශ මාලාවක්

රුසියා යුරේනය යුධ පරිසරයක් මතුවෙමින් පවතින ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ ගෝලීය තෙල් භාවිතය අවම කිරීම සඳහා 10කින් සමන්විත නිර්දේශ මාලාවක් ජාත්‍යන්තර බලශක්ති ආයතනය විසින් ඉදිරිපත් කරන ලදී.

මෙම බලශක්ති අර්බුදය හමුවේ පවතින තත්ත්වයන්ට තාවකාලික විසඳුම් ලබාදීමේ අරමුණින් ජාත්‍යන්තර බලශක්ති ආයතනය අදාළ යෝජනාවලිය ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කිරීම සහ පාරිභෝගික හැසිරීම් වෙනස් කිරීම මාස හතරක් ඇතුළත ලෝකයේ භාවිතය සඳහා දිනකට බැරල් 2.7m (bpd) ඉඩ අඩුවෙන් තෙල් සලසා ගත හැකි බවට ගෝලීය බලශක්ති නිරීක්ෂණ කණ්ඩායම පවසා ඇත.

කරුණු 10කින් සමන්විත නිර්දේශ මාලාව පහතින්.

*සතියට දින තුනක් නිවසේ සිට රාජකාරි කිරිමේ වැඩසටහනක් ආරම්භ කිරීම.

*අධිවේගී මාර්ග ඇතුළත් කිරීමේ වේගය පැයට කිලෝමීටර 10කින් අඩු කරන්න.

*පොදු ප්‍රවාහන සේවය හැකි අවස්ථාවක භාවිතා කිරීම, පා ගමනින් ගමන් කිරීම සහ පාපැදි භාවිතයට දිරිගැන්වීම.

*ඉරිදා දිනයන්හිදී නගර මෝටර් රථවලින් නිදහස් දිනයක් බවට පත්කිරීම.

*ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා පුද්ගලික වාහනවල ඉඩකඩම් තවත් පුද්ගලයින් සමඟ බෙදා ගැනීමට කටයුතු කිරීම.

*විශාල නගර සඳහා පුද්ගලික වාහන ඇතුලත් කිරීම සිමා කිරීම. (දින වෙන් කිරීම, වාහනයේ අංක තහඩුව පැමිණීමේ ක්‍රම සැකසීම)

*භාණ්ඩ ප්‍රවාහනය කාර්යක්ෂමව සිදුකිරීමට වගබලා ගැනීම.

*ගුවන් යානා ඔස්සේ ප්‍රවාහනය වෙනුවට අධිවේගී දුම්රිය සහ රාත්‍රී දුම්රිය ගමන් වාර භාවිතයට යොමු කිරීම.

*ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන් නවතා දමා වෙනුවට විකල්ප භාවිතය සඳහා යොමු කිරීම.

*පෙට්‍රල් ඩිසල් වාහන වෙනුවට ඉලෙක්ට්‍රික් වාහන සහ පරිසර හිතකාමී වාහන භාවිතය.

 

 

The post සතියට දින තුනක් නිවසේ සිට වැඩ කරන්න appeared first on Aruna.

Next Post

නවතා තිබූ ලොරියක වෑන් රිය හැපී පස් හැවිරිදි දරුවා මරුට

Sun Mar 20 , 2022
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෝන්ගස්දෙණියේ හෝටලයක් අසල දී නවතා තිබූ ලොරියක වෑන් රථයක් හැපී වෑන් රියේ සිටි පස් හැවිරිදි දරුවෙකු මිය ගොස් තවත් පස් දෙනෙකුට තුවාල සිදු වී ඇති බව නිට්ටඹුව පොලීසියේ රථවාහන අංශය පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.