නැවතත් බොර තෙල් මිල වැඩිවෙයි
ලෝක වෙළඳපොලේ නැවතත් බොර තෙල් මිල වැඩිවී තිබෙන බව වාර්තා වෙයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් මිලියනයකට ආසන්න රටවල් ද රුසියානු ඉන්ධන සඳහා සම්බාධක පැනවීමට තීරණය කිරීමට ඇති බව වාර්තා වීමත් සමගම අද (21) බොර තෙල් මිල 3කින් පමණ වැඩි විය.
ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 3.44කින් ඉහළ ගිය අතර එහි මිල ඩොලර් 111.37ක් ලෙස සටහන් විය.
එය පසුගිය සිකුරාදාට 1.2% ක මිලකි.
මේ අතර යූ එස් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 3.54කින් වැඩිවී ඇති අතර අද දිනයේ එහි මිල වාර්තා ඩොලර් 108.24ක් ලෙසයි.
මේ අතර යේමන හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ බොර තෙල් අංගනයකට සති අන්තයේ එල්ලකළ ප්‍රහාරය ද ලෝක වෙළඳපලට බොර තෙල් සැපයීම අඩුවී ඇති බව වාර්තා විය.
මිල ඉහළට එයද බලපෑ බව සඳහන් වෙයි.
The post තෙල් මිල ගැන අසුබ ආරංචියක් appeared first on Aruna.