රිය අනතුරකින් රුසියානු කාන්තාවක් මරුට

සවස් වන විට (20) සවස සිදු වූ දේ

ගාල්ල – මාතර මාර්ගයේ අහංගම ප්‍රහාරයේදී සිදුවූ රිය අනතුරකින් රුසියානු ජාතික කාන්තාවක් මියගොස් තිබේ.

සවස් වන විට එම අනතුර සිදු වූ බව පොලිසිය පවසයි.

මාතර දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයකට පෙර ගමන් කිරීමට යාමේදී එම ලොරි රථයේ ගැටී අදාළ අනතුර සිදු විය.

එම අනතුරින් තුවාල ලැබූ යතුරපැදියේ එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

මිය ගොස් ඇත්තේ, 38 හැවිරිදි රුසියානු ජාතික කාන්තාවකි.

ලොරි රථ රියදුරගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනයේදී මෙම අනතුර සිදු වූ බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අහංගම පොලිසිය විමර්ශනය කරයි.

The post රිය අනතුරකින් රුසියානු කාන්තාවක් මරුට appeared first on Aruna.

Next Post

වැස්ස සිහින් වෙයි

Mon Mar 21 , 2022
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (21) සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.