ජාතික ජනබල වේගය අද නුගේගොඩ වටලයි

74 වසරක ශාපය නිමා කිරීමට දායක වෙන්නලු

“ජන පීඩක ආණ්ඩුව පලවා හරිමු, 74 වසරක ශා නිමාකරමු” යන තේමාව යටතේ “ජාතික ජන බලවේගයේ” විරුද්ධ රැලිය (23) ගේගොඩ දෙල්කඳ මංසන්ධියෙන් ආරම්භ කිරීමට නියමිතයි.

පස්වරු 3.00ට දෙල්කඳ හන්දියෙන් පෙළපාලිය ආරම්භ කර නුගේගොඩට පැමිණීමෙන් පසු රැස්වීම නුගේගොඩ ආනන්ද සමරකෝන් වේදිකාවේදී ඒ සඳහා කටයුතු යොදා ඇත.

ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ සාමාජිකයින්, වෘත්තීයවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, සිවිල් සහ බහුජන සංවිධාන සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙයට සහභාගී වීමට නියමිතය.

මේ අතර පොලිසියේ ලැග සිටිමින් ආණ්ඩුවේ සැප විඳින අයට තවත් ශාපයක් නොවන බව අද ජාතික ජන බලවේගයේ නුගේගොඩ රැලියට පැමිණ තම විරෝධය දක්වා සිටින ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය සභික සුනිල් හඳුන්නෙත්ති රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

එම නිසා තමන්ගේ පක්ෂ, පාට භේද හෝ පරම්පරාගත දේශපාලනය ගැන නොසිතා තම විරෝධය ඉතා විවෘතව ප්‍රකාශ කිරීමට ඇති හොඳම තැන හා අවස්ථාව ජාතික ජන බලවේග රැලිය අද සවස 3.00 ට නුගේගොඩ දෙල්කඳ හන්දියට පැමිණ මැයි 74 වසරක ශාපය නිමා කිරීමට දායක වන බව ඔහු පවසයි.

The post ජාතික ජනබල වේගය අද නුගේගොඩ වටලයි appeared first on Aruna.

Next Post

ඔබේ මීළඟ ප්‍රසංගයට රැගෙන යාමට ස්ථාන-අනුමත බෑග් 5ක් මෙන්න

Wed Mar 23 , 2022
විශේෂාංගගත සියලුම නිෂ්පාදන සහ සේවාවන් සංස්කාරකවරුන් විසින් ස්වාධීනව තෝරා ගනු ලැබේ. කෙසේ වෙතත්, Billboard හට එහි සිල්ලර සබැඳි හරහා කරන ලද ඇණවුම් සඳහා කොමිස් මුදලක් ලැබිය හැකි අතර, සිල්ලර වෙළෙන්දාට ගිණුම්කරණ අරමුණු සඳහා නිශ්චිත විගණනය කළ හැකි දත්ත ලැබිය හැකිය. ප්‍රසංග නිල වශයෙන් නැවත පැමිණ ඇත! වසර දෙකක කොරොන වයිරස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.