GIF නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් නිසා මියගිය පරිඝනක විද්‍යාඥයා

ඇමරිකානු ජාතික පරිඝනක විද්‍යාඥයෙකු වූ ස්ටීවන් විල්හයිට් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ලොව පුරා ජනප්‍රිය වූ පරිඝනක ලෝකයම ආක්‍රමණය කළ ‘GIF’ නිර්මාතෘවරයා ස්ටීවන් විල්හයිට් මහතාය.

මියයන විට ඔහු 74 වන වියෙහි පසු වූ ඔහු කොවිඩ් ආසාදනය හේතුවෙන් මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔහු 1987 වසරේ මෙම ග්‍රැෆික් අන්තර් හුවමාරු ආකෘතිය නොහොත් GIF ආකෘතිය නිර්මාණය කර තිබෙන අතර 2010 වසර වන විට GIF අන්තර්ජාලය ආක්‍රමණය කිරීමට සමත් විය.

The post GIF නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි appeared first on අරුණ.

Next Post

දුඹුරු සීනි ආනයනයට අවසර ඉල්ලයි

Thu Mar 24 , 2022
සීනි මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් දුඹුරු සීනි ආනයනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් අනුමැතිය ඉල්ලා තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.