බලාපොරොත්තු ඉෂ්ට වන දිනයකි

2022 මාර්තු මස 28 වැනි සඳුදා

රාහු කාලය දිවා 07.42 සිට 09.13 දක්වා රාත්‍රී 07.48 සිට 09.18 දක්වා

ශුභ දිසාව- දකුණ, මරු සිටින දිසාව- වයඹ

මේෂ

නව මිතුරන් ලැබේ

ගරු සැලකිලි ලැබේ. දියුණුවට අවශ්‍ය කටයුතු කරයි. අලුත් මිතුරන් ආශ්‍රිතව ලැබෙන අතර රැකියා කටයුතු උසස් අන්දමින් කරගැනීමේ ඉඩ ලැබේ. කතාවේ බලයෙන් සිය කටයුතු සාර්ථක කර ගත හැක. පොත්පත්, ලිපි ද්‍රව්‍ය සඳහා වියදම් උදාහරණයක් පෙන්වයි. අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ උරුමයි. හිසේ උෂ්ණ ගති, තුවාල ඇති වීමට ඉඩ තිබේ.

වෘෂභ

විශේෂ වරප්රසාද

මිල මුදල් ලැබීම සාර්ථක වුව ද වියදම් පක්ෂය ද පාලනය කර ගැනීම තරමක් අපහසු වේ. නිශ්ශබ්ද ගමන් යෙදේ. උසස් අයගේ උපකාර උපකාර හිමි වේ. රජයෙන් විශේෂ වරප්‍රසාද හිමි වීමේ ඉඩකඩ ඇත. විවාහ ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යයි. දරුවන්ගේ කටයුතු, අධ්‍යාපන කටයුතු සතුටුදායකයි. ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.

මිථුන

පින්දහම්වල යෙදේ

තම ධනයට හානි විය හැක. චෝදනාවලට ලක්වීමේ අවස්ථා ඇති විය හැක. කරගෙන යන කටයුතුවල යම් ප්‍රමාදයක් ඇති කරයි. නිවසින් පිට වාසය කිරීමේ අවස්ථාවෙහි. ලිපි ලේඛන කටයුතුවලින් යම් සාර්ථකත්වයක් ලබයි. උදාසීන ගතියක් කරයි. පියාට යහපත්ය. පුණ්‍ය කටයුතුවල නියැළේ. සෞඛ්‍ය තත්ත්වය දුර්වල විය හැක.

කටක

කතාවේ බලයෙන් වැඩ ගනී

වාසනාවන්ත දිනයකි. කතාවේ බලයෙන් වැඩකටයුතු සිදු කරයි. ධෛර්යමත්ව ක්‍රියා කරයි. අලුත් බලාපොරොත්තු ඇති වේ. විදේශ අධ්‍යාපන කටයුතුවලට පදනම වැටේ. රැකියා ස්ථානයේ කටයුතු සාර්ථකව සිදු කළ හැක. ලේඛන සම්බන්ධ රැකියාවල නිරත වූවන්ට ඉතා යහපත් දිනයකි. හදිසි අනතුරුවලට ලක් වීමට ඉඩ ඇති බව කල්පනාකාරී.

සිංහ

සමාජයේ කතාබහට ලක්වේ

වියදම් වැඩි වුව ද මුදල් ලාභ උරුමයි. බලාපොරොත්තු ඉටු වන දිනයකි. දේපල ලාභ හිමි වේ. දන්නා මිත්‍රදීන් සමග සබඳතා වැඩි වේ. සමාජයේ කතාබහට ලක් වේ. රැකියා කටයුතු යහපත් ලෙස සිදු වේ. ආගම දහම කෙරේ සිත ඇදී යයි. සතුරු කරදර වැළකේ. ගෙදරින් පිට වාසයට සිත් යෙදේ. අධ්‍යාපන කටයුතුවලට උනන්දු විය යුතුයි. ශරීර සෞඛ්‍යය යහපත්ය.

කන්යා

හදිසි අනතුරු පෙන්වයි

ලාභ ප්රයෝජන අඩු දිනයකි. නැදෑ හිතවතුන් නිසා සිත් වේදනා ඇති වේ. රහස් සතුරන් ඇති විය හැක. විවාහයේ ගැටලු මතු කරයි. සිත් කලකිරීම් සිදු වේ. නමුත් දූ දරුවන් නිසා සිතේ සතුට ඇති කරයි. කාර්යක්ෂම ලෙස වැඩකටයුතුවල නිරත වේ. හස්ත කර්මාන්තවල යෙදී සිටින අයට යහපත් ප්‍රයෝජන ලබා දෙයි. හදිසි අනතුරුවලට ලක් විය හැක.

තුලා

වියදම් අධිකයි

දේපල හිමිකමක් පෙන්වයි. වියදම් අධික වන දිනයකි. රැකීරක්ෂා කටයුතුවල දී තනතුරු ආදියට කරදර ඇති වේ. ක්‍රියාශීලී බව අඩු වේ. ගෙදරදොර සැප පහසුව වෙනදා මෙන් හිමි නොවේ. කලකෝලාහලවලට පැටලීමේ ඉඩකඩ තිබේ. උසස් අධ්‍යාපන කටයුතුවලට උනන්දුව හීන බව පෙන්වයි. පිය පාර්ශ්වයට යහපත්ය. වාත රෝග, උෂ්ණ රෝග මතු කළ හැක.

වෘශ්චික

සතුරු කරදර පරදයි

පවතින තත්ත්වයට යහපත් වේ. ඕනෑම අනුමානයට කරන කටයුතු වලින් සිදුවිය හැක. සතුරු කරදර වුව ද තම බලයෙන් ඊට යටපත් කර ගැනීමේ හැකියාව ලැබේ. සිත් පීඩා ඇති කරයි. නඩුහබවලට ද පැටලීමේ ඉඩකඩ තිබේ. වැඩිමහල් සහෝදරයන් සමග ඇති සබඳතා දැඩි වේ. පපුවේ අමාරුව, උණ වැනි රෝගවලින් ප්‍රවේසම් වන්න.

ධනු

අනවශ්‍ය‍ය ගමන් යෙදේ

රජයට සම්බන්ධ වැඩකටයුතුවල නිරතව සිටින අයට යහපත් ප්‍රකාශ හිමි වේ. සිත් වේදනා ගෙන දෙන දිනයකි. විරුද්ධ ලිංගිකයන් කෙරේ සිත් ඇදී යයි. අනවශ්‍ය‍ය ගමන් බිමන් යෙදේ. කේලාම් ඕපාදූපවලට හසුවිය හැකි නිසා ප්‍රවේසමෙන් කටයුතු කළ යුතුය. කතාවේ බලය අඩු වේ. අධ්‍යාපනයට උදාසීන ගති පෙන්වයි. ඇස් පීඩාවට දත් සම්බන්ධ පීඩා ද මතු කළ හැක.

මකර

උසස් තනතුරු ලැබේ

බලාපොරොත්තු ඉෂ්ට වන දිනයකි. උසස් තනතුරු ලාභ උරුමයි. ව්‍යාපාර කටයුතුවල නිරත වුවහොත් ලාභ ප්‍රයෝජන ලබා ගත හැක. අතරමග නවතා දමා තිබූ කටයුතු යළිත් සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමේ ශක්තිය හිමි වේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර දරුවන්ගේ කටයුතු යහපත් වේ. ගෙදරදොර ජීවිතයේ යම් යම් ගැටලු මතු විය හැක.

කුම්භ

අධ්‍යාපන ජයග්‍රහණය

සිත් සතුටට කරුණු යෙදුණ ද යම් මානසික පීඩාවක් ද ගෙන දිය හැක. පදිංචි ස්ථානයේ වෙනස්කම් සිදු වේ. නඩුහබවලට පැටලීමේ ඉඩ තිබේ. රැකියාවේ ප්‍රශ්න නැතුවා නොවේ. අනවශ්‍ය අය ඇසුරට ලැබිය හැකි බව කල්පනාකාරී විය යුතුය. අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණය ලබයි. ලේ ෂ්ඨූ‍යාබාධ, උණ වැනි රෝගවලින් ප්‍රවේසම් වන්න.

මීන


බලාපොරොත්තු ඉටු වේ

බලාපොරොත්තු ඉටු වන වාසනාවන්ත දිනයකි. රැකියා කටයුතු කරගෙන යාමේ දී උසස් අයගේ ඇසුර වැඩිපුර ලැබේ. අන්‍යයන්ගේ උදව් උපකාර හිමි වේ. ආගම දහම යොමු වේ. පියාට දරුවන්ට ද සුබදායක වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට ද සාර්ථක ප්‍රචාරණ ලබා ගැනීමේ අවසර හිමි වේ. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.

The post බලාපොරොත්තු ඉෂ්ට වන දිනයකි appeared first on Aruna.

Next Post

සෙබස්තියන් යාත්‍රා 2022 ඔස්කාර් සම්මාන උළෙලේදී 'ඩොස් ඔරුගුයිටාස්' ප්‍රසංගය සමඟින් සමනලුන්ට ලබා දෙයි

Mon Mar 28 , 2022
අතර “අපි බෲනෝ ගැන කතා කරන්නේ නැහැ” නිසැකව ම පසුගිය මාස කිහිපය තුළ ලෝකයේ අවධානය සොරා ගත්තා, සෙබස්තියන් යාත්‍රා හි ප්‍රේක්ෂක හදවත් සොරා ගත්තේය 2022 ඔස්කාර් ඔහුගේ කාර්ය සාධනය සමඟ එන්කැන්ටෝගේ “ඩොස් ඔරුගුයිටාස්” ඉරිදා (මාර්තු 27). විසින් හඳුන්වා දෙන ලදී එන්කැන්ටෝ තරු ස්ටෙෆනි බියට්‍රිස්, යාත්‍රා වටේට පැල සහ තල් ගස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.