රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු මරුට

මියගිය පුද්ගලයින් අතර 19 හැවිරිදි තරුණයෙකු

ගෙවුණු පැය 24 දී සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.

මාදම්පේ, කටුපොත, තංග, අලව්ව සහ නාරම්මල යන ප්‍රදේශයේ රිය අනතුර සිදුවී ඇති බව සඳහන් වේ.

මියගිය පුද්ගලයින් අතර 19 හැවිරිදි තරුණයෙකු ද සිටී.

මේ අතර, හොරපේ දුම්රිය ස්ථානය අසලදී දුම්රියට ගොඩවීමට උත්සාහ කළ පුද්ගලයෙකු පය ලිස්සා ඇද වැටී දුම්රියට යටවීමෙන් ජිවිතක්ෂයට පත් වී තිබේ.

57 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ

The post රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු මරුට appeared first on Aruna.

Next Post

‘අවුරුද්දෙන් පස්සේ පාර්ලිමේන්තුවේ ලොකු වෙනසක් වේවි‘

Tue Mar 29 , 2022
වර්තමානයේ තිබෙන ආර්ථික අර්බුද වලින් රට ගොඩගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බැවින් ඔහුට රට බාරදිය යුතු බවට ජනමතයක් සමාජය තුළ මතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.