අප්‍රේල් 2 වනදා සිට වසා තැබෙන ස්ථානය

රියදුරන්ට දැනුම්දීමක්

අළුත්ගම – විගඩ දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම සඳහා වසා තැබෙන බව දුම්රිය සේවය පවසයි.

ප්‍රධාන දුම්රිය මාර්ගයේ බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසල අළුත්ගම – විගඩ ප්‍රධාන මාර්ගය හරහා පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීමට නියමිතව ඇත.

ඒ අනුව අප්‍රේල් මස 02 සහ 03 පෙරවරු 08.00 සිට පස්වරු 05.00 දක්වාත් අප්‍රේල් 04 පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වාත් දුම්රිය හරස් මාර්ගය ගමනාගමනයට වසා තැබෙන අතර එම කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සිටින අයගෙන් ඉල්ලා සිටී.

The post අප්‍රේල් 2 වනදා සිට වසා තැබෙන ස්ථානය appeared first on Aruna.

Next Post

රට වහන්නැයි පාඨලි කියයි

Thu Mar 31 , 2022
මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වසා දැමීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.