කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද දෙවතාවකට නැවතෙයි

කොළඹ කොටස් වෙළඳපොලේ ගණුදෙනු අද උදෑසන දෙවතාවක් තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

ඒ, සමස්ත මිල දර්ශකය සියයට 6.2කින් සහ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සියයට 10.3කින් පහත වැටීමත් සමඟයි.

ඒ අනුව අද දිනය සඳහා ගණුදෙනු නතර කිරීමට කොටස් වෙළඳපොල පියවර ගත්තා.

මාර්තු මාසයේ අවසන් සතිය තුළද කොටස් වෙළඳපොල මිල දර්ශක සීග්‍ර ලෙස අපගමනය වීම හේතුවෙන් හතරවතාවක් ගණුදෙනු අත්හිටුවීමට සිදුවුණා.

එමෙන්ම මාර්තු මාසය තුළ කොළඹ කොටස් වෙළඳපලේ අගය රුපියල් ටි්‍රලියන 1.4කින් පහත වැටී තිබෙනවා.

එමෙන්ම ප්‍රධාන පෙළේ සමාගම් විස්ස නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය මාර්තු මාසයේදී සියයට 23කින් අපගමනය වීම විශේෂත්වයක්.

වසර තුළ මේ දක්වා කොටස් වෙළඳපොල මිල දර්ශක සියයට 28කින් පහත වැටී ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

Next Post

රජයට විරෝධය පා නුවරඑළියේ පිරිස් පාරට බසිති

Fri Apr 1 , 2022
ඩීසල් නොමැතිවීම හා ජනතාවට දරාගත නොහැකි ලෙස ජීවන වියදම ඉහලයාම වෙනුවෙන් රජයට විරෝධය පාමින් නුවරඑළියට නගරයට එක්රැස් විශාල පිරිසක් නුවරඑළිය නගරයේදී අද (01) දැවන්ත විරෝධතාවය නිරතවුහ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.