පොලිස් ස්ථානාධිපතිවරයෙක් හදිසියේ මියයයි

හබරණ දී සිදුවූ මාරක රිය අනතුර

කන්තලේ අග්බෝපුර පොලිස් ස්ථානාධිපති රිය අනතුරකට ලක්වීමෙන් මියගොස් තිබේ.

ස්ථානාධිපති ගමන් ගත් මෝටර් රථය හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේදී වැලි පැටවූ ට්‍රිපර් රථය මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ඔහු මිය ගොස් ඇත.

මියගිය අංක 37, කැන්දලියද්ද, ජූගහපිටිය ලිපිනයේ පදිංචි දහම්පත් මුදියන්ලාගේ ගුණතිලක බණ්ඩාර දහම්පත් 48 වැනි වියෙහි පසුවූ පොලිස් පරීක්ෂකවරයාය.

ස්ථානාධිපතිවරයා නිවාඩු කර නැවත සේවයට යමින් අනතුරට මුහුණ දී ඇත.

සිද්ධිය හබරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා.

 

The post පොලිස් ස්ථානාධිපතිවරයෙක් හදිසියේ මියයයි appeared first on අරුණ.

Next Post

කඩිනම් විසඳුම් නැත්නම් භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්න

Fri Apr 1 , 2022
ජනතා ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදීමට නොහැකි නම් පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කර භාරකාර ආණ්ඩුවක් පිහිටුවා හෝ විසඳුම් ගෙන එන ලෙස ජනාධිපතිවරාගෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ‘ලංකාදීප’යට පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.