මහජන නැගිටීම දේශපාලන පක්ෂයකට ගාව ගැටුමක් ඇති කරන්න යන බව එරාන් හෙළි කරයි (වීඩියෝ)

විරෝධතාවල නිරත පුද්ගලයින්ට පණිවිඩයක්

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ පවතින සමාකාමී විරෝධතාවල ගැටුම් ඇති කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බව ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසයි.

ඔහු මේ බව අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

ඒ නිසාම බිම්මට්ටමින් ගැටුමක් ඇති කර එය විපක්ෂයේ එක් පක්ෂයක් පිට උත්සාහයක් ඇති බව ඔහු පෙන්වා දෙයි.

මේ පිළිබඳව අදහස් කැමති පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න….

“අද අපේ රටේ මේ තත්ත්වය ගැන කතාකරන කොට මට එක දෙයක් පැහැදිලි වෙනවා, මෙතැන තියෙන වාදවිවාද අහගෙන ඉන්න කොට.

මට පේනවා පොඩි වැඩපිළිවෙලක් යනවා කියලා විපක්ෂයේ තියෙන එක පක්ෂයකට කොන්කරලා අර්බුදයක් ඇති වුනොත්, දැන් සාමකාමී අර්බුද තමයි අරගෙන විපක්ෂයෙන් යන්නේ.

එතකොට ඒ සාමකාමී අර්බුදය, ගැටුමක් ඇතිකරලා බිම්මට්ටමින් කරලා පක්ෂයකට කරපිට ගහන්න තමයි මේ තත්ත්වය වෙන්නේ කියලා අපිට හැඟෙනවා.

පාස්කු ඉරුදින වැඩසටහන ප්‍රහාරයෙන් පසුව මම ප්‍රශ්න කළා කවුද මහමොළකාරයා කියලා, කිව්වාම මාව CID එකට අරගෙන ගියා.

ඇයි මම එහෙම ඇහුවේ කියලා. මට සීඅයිඩී එකට ඒ වෙලාවේ තමයි කියන්න ඕනේ, මම විපක්ෂයේ මන්ත්‍රී මම ඒ ප්‍රශ්නය අහන්න ඕනේ කියලා.

මෙම පාස්කු ඉරුදින ප්‍රහාරය සහ මෙතැන නිර්මාණය කරගෙන යනවා විපක්ෂයේ පක්ෂයකට බිම්මට්ටමේ ප්‍රශ්නයක් ඇති වුව හොත් ඔහුට පිට අයකුට පහර දීමයි.”

The post මහජන නැගිටීම දේශපාලන පක්ෂයකට ගාව ගැටුමක් ඇති කරන බව එරාන් හෙළි (වීඩියෝ) appeared first on Aruna.

Next Post

දරුණු අකුණු සඳහා කාලගුණ උපදේශනය

Thu Apr 7 , 2022
අද රාත්‍රී 10.00 දක්වා කාලය තුළ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රබල අකුණු ඇතිවීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.