ප්‍රදේශ කිහිපයකට අදත් මි.මී. 100ට වැඩි තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආශ්‍රිතව පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමෙන්තුය සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කය 100ට වැඩි තද වැසි ඇතිවේ.

එහි ප්‍රතිඵලයද මිලී. 75ක පමණ තද වැසි ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු විට සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කරන මස සූර්යයා, අප්‍රේල් 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම පැමිණේ.

අද දින (11) දහවල් 12:11 ට උලුක්කුලම, අනුරාධපුර නව නගරය, කයිනට්ටම සහ පලුගොල්ලෑව යන ප්‍රදේශයට හිරු මුදුන් වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

The post ප්‍රදේශ කිහිපයක අදත් මි.මී. 100ට වැඩි තද වැසි appeared first on Aruna.

Next Post

ඩෙංගු යළි හිස ඔසවයි

Mon Apr 11 , 2022
රෝග රෝග විද්යා අංශයෙන් පණිවිඩයක් මෙම වසරේ ගතවූ කාලය තුළ රටින් ඩෙංගු රෝගීන් දහසක් දෙසිය හතළිස් දෙනකු (10240) වාර්තා වී ඇති බව රෝග විද්‍යා අංශය සඳහන් කරයි. පසුගිය වසරට අනුව වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත. එය ප්‍රතිශතයක් ලෙස පෙනෙන තිස්අටයි දශම තුනකි. පසුගිය වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.