පෙට්‍රල් ගැන ඇත්ත කතාව
දේශීය පෙට්‍රල් නොමැති බවට පළවෙන ප්‍රචාර අසත්‍ය බවට දිවයිනම ආවරණය වන පරිදි ඉන්ධන පිරවුම්හල් එක්දහස් දෙසිය විසිත්තම අවශ්‍යතාවය පෙට්‍රල් ලබාදී ඇති බව ලංකා තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා.
මෙම සෙයින් ගෙවී ගිය දින එකොළහට පමණක් දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් හාරදහස් දෙසීයක් නිකුත් කළ බව ඔහු පවසා ඇත.
ඔහු පෙන්වා දෙන්නේ ජනතාවට අනවශ්‍ය ලෙස පෝලීම් නිර්මාණය කිරීමට යාම නිසා පෙට්‍රල් නොමැති වීම නිසා රාවයන් පැතිරෙන නමුත් අවශ්‍ය ප්‍රමාණයට පෙට්‍රල් සංචිතය පවතින බවයි. ඒ පිළිබඳ තමන් වගකීමෙන් පවසන්නේ සභාපතිවරයා කියයි.
මේ සම්බන්ධයෙන් (11 වනදා) මේ සම්බන්ධයෙන් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වා සිටි ඔහු මෙසේද කියා ඇත.
”අප්‍රේල් මාසය සඳහා ආනයනය කළ සියලුම ඉන්ධන තොග මේ වන විට ලැගෙමින් පවතිනවා. මේ මාසයට විතරක් අපි ඩීසල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැටපන්දහසක් භාණ්ඩය කරන්න කටයුතු කරලා තියෙනවා ඒ වගේම පෙට්‍රල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ හතළිස්දහසක් ගෙන්වන්න කටයුතු කරලා තියෙනවා. දැනට අපට භාණ්ඩ ගෙවා දමා තිබෙන ඉන්ධන තොග දෙකයි. කොලොන්නාව සහ මුතුරාජවෙල යන ගබඩාවලට තමයි මේ ගොඩ එන්න වෙන්නේ.”
ආශිකා ජයවීර
The post පෙට්‍රල් නිෂ්පාදනය බොරුවක් appeared first on අරුණ.