අද දවස ඔබේ ලග්නයට කොහොමද ?

2022 අප්‍රේල් මස 14 වැනි බ්‍රහස්පතින්ද

රාහු කාලය දිවා 01.43 සිට 03.15 දක්වා රාත්‍රී 01.39 සිට 03.07 දක්වා

ශුභ දිසාව- උතුර, මරු සිටින දිසාව- දකුණ

මේෂ

ණයට දුන් මුදලක් ලැබේ

වියදම් පක්ෂය ඉහල යයි. රැකියා ස්ථානයේ උසස් නිලධාරීන්ගේ ප්‍රසාදයට ලක් වේ. සතුරු කරදර නිමාවට පත් වේ. අධ්‍යාපන කටයුතුවලට ශුභදායකයි. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ උපයා ගනී. ලැබීමට ඇති ණය මුදලක් හිමි වේ. පොලොව සම්බන්ධ කටයුතු වලින් වාසි ලැබේ.

වෘෂභ

සෞඛ්ය ගැටලු

අන්‍යයන්ගේ මතයට ගරු නොකිරීම නිසා ගැටලුකාරී තත්ත්වයන් ඇති වේ. ප්‍රසිද්ධති මිත්‍රාදීන් සමග විරසකතා මතු වේ. මුදල් කටයුතුවල දී ප්‍රවේසම් විය යුතුයි. ගෙදරදොර අලුත්වැඩියා කටයුතුවල යෙදේ. කරගෙන යන කටයුතුවලට බාධා පැමිණේ. සෞඛ්යය ගැන කල්පනාකාරී විය යුතුය.

මිථුන

ආයතනයෙන් උපකාර

අහංකාර ගති ඇති කරයි. නොකළ වැරදිවලට ​​චෝදනා එල්ල වේ. ස්ත්‍රීන් සම්බන්ධ වෙළඳ කටයුතු වලින් ලාභ ලැබේ. අසරණයන්ට පිහිට වීම සිතේ සතුටට හේතු වේ. අනවශ්‍ය ලෙස වියදම් කිරීමෙන් වළකින්න. දන්නා මිත්‍රදීන්ගෙන් උපකාර ලබාගත හැක.

කටක

වියදම් ඉහලයි

වියදම් පක්ෂය ඉහල යයි. එදිනෙදා කටයුතුවල යම් යම් වෙනස්කම් ඇති වේ. අධ්‍යාපන කටයුතුවලට පරිබාහිර දේට සිත යොමු වේ. මුදල් ණයට දීමෙන් වළකින්න. වැඩිහිටියන්ගේ දෝෂාරෝපණ එල්ල විය හැක. පවුලේ අයකුට අසනීප තත්ත්වයක් පෙන්නුම් කරයි. උස් තරඟයට නැගීමෙන් වළකින්න.

සිංහ

උසස් රැකියා

දියුණුවට කටයුතු සැලසේ. අතහැර දමා තිබූ කටයුතු නැවත අරඹයි. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභය. අලංකාර දේ මිලට ගනී. සතුරන් පරාජය වේ. අලුතින් ආරම්භ කරන කටයුතු දියුණුවට පත් වේ. රැකියා කටයුතුවල උසස්වීම් හිමියි. සහෝදරයන්ට රෝගාබාධ ඇති කරයි. දූ දරුවන්ට යහපත්ය.

කන්යා

සතුරු කරදර

තීරණ තීරණ ගැනීමේ දී සැලකිලිමත් විය යුතුය. ජීවිතයේ මත ගැටුම්වලට ඉඩ නොලැබේ පවුල්. සතුරු කරදර ඇති වේ. රැකියා සඳහ ඉල්ලීම් කිරීමට ශුභයි. අධ්යාපන කටයුතුවලට උනන්දුව තිබිය යුතුය. වෙළඳ ව්‍යාපාර වලින් සිදු වේ. ජනප්‍රිය මිත්‍රදීන් සමගත් අමනාපකම් ඇති විය හැක.

තුලා

වෙළඳ කටයුතුවල දියුණුවක්

මුදල් ලැබීම අතින් ශුභදායකයි. වැදගත් සැලකිලි ලැබේ. වෙළඳ කටයුතුවල නිරත අයගේ දියුණුවක් ඇති වේ. අලංකාරයට ප්‍රසිද්ධියට කටයුතු කරයි. පරම්පරාගත දේපල උරුමයි. අලුත් උසස් මිත්‍රයන් ආශ්‍රයට පත් වේ. අවිවාහකයන්ට මංගල යෝජනා ඉදිරිපත් වේ. සමාජීය වැඩවලට යොමු වේ.

වෘශ්චික

ගොවිතැන් කටයුතුවලට හානි

වියදමට සරිලන ආදායම ලැබේ. උසස් පුද්ගලයන් සමග කටයුතු කිරීමේදී කල්පනාකාරී වන්න. අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ ලබා ගත හැක. සිත් කම්පා කරවන සිදුවීම් යෙදේ. ගොවිතැන් කටයුතුවලට සතුන්ගෙන් කරදර සිදු වේ. හදිසි තීරණ ගැනීමෙන් වළකින්න. ඔහුටෂ්ණාධික රෝග ඇති වේ.

ධනු

රැකියාවේ ගැටලු

පවතින තත්ත්වය එතරම් ශුභදායක නොවේ. නිවසින් පිට වාසය කිරීමට සිතයි. රැකියා ස්ථානවල ගැටලුවලට. ලාභ අපේක්ෂාවෙන් කරන කටයුතු වලින් ලැබේ. අධ්‍යාපන කටයුතු සඳහා ඇති උනන්දුව අඩු වේ. සෞඛ්යය පිරිහීමක් පෙන්වයි.

මකර

හදිසි ධන ලාභ

වාසනාවන්ත දිනයකි. හදිසි ධන ලාභවලට ඉඩ තිබේ. ලොතරැයි දිනුම් උරගා බැලීමට සුදුසුයි. අන්යයන්ගේ උපකාර උපකාර හිමි වේ. වෙළඳ ව්‍යාපාර දියුණුවට පත් වේ. විවාහ වන වයසේ පසුවන්නන්ගේ පැතුම් මල්පල ගැන්වේ. විභාග කටයුතුවලින් ජයග්‍රහණය ලබයි. සෞඛ්‍ය තත්ත්වය යහපත්.

කුම්භ

සම්බන්ධ ගැටලු

පවතින තත්ත්වය යහපත්. රැකියා ස්ථානයේ උසස්වීම් ලබයි. පදිංචි ස්ථානයේ වෙනස්කම් සිදු වේ. උසස් අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණය ලබයි. ප්‍රසිද්ධති මිත්‍රාදීන් සමග විරසකතා මතු කරයි. විවාහ යෝජනාවලට දෙමාපිය ආශිර්වාදය හිමි වේ. අසරණයන්ට පිහිට සිතේ සතුට ඇතිකර ගනී.

මීන


දරුවන් වෙනුවෙන් වෙහෙසේ

රැකියා කටයුතු කාර්යක්ෂම ලෙස නියැළේ. දරුවන් සම්බන්ධයෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. තීරණ ගැනීමේ දී කල්පනාකාරී වන්න. වෙළඳ කටයුතු යම් තරමකට දියුණුවක් ලබයි. අනවශ්‍ය අය සමග ගනුදෙනු කිරීමෙන් වළකින්න. සෞඛ්‍යය ගැන අවධානය යොමු කළ යුතුය.

The post අද දවස ඔබේ ලග්නයට කොහොමද ? appeared first on අරුණ.

Next Post

Mariah Carey ගවුමකින් තටාකයට ලිස්සා යයි සහ Britney Spears IG මත විවෘත වෙයි | Billboard News

Thu Apr 14 , 2022
ගවුමකින් සැරසී සිටින Mariah Carey, IG Live සහ Britney Spears හි තටාකයක Ariana Grande, Podcast සහ තවත් දේ කතා කිරීමට Insta වෙත පැමිණේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.