මුදල් නෝට්ටු ගැන අවධානයෙන් සිටින්න

පොලිසියෙන් දැනුම් දීමක්

ව්‍යාජ නෝට්ටු තොගයක් විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස පොලිසිය, ජනතාවට දැනුම් දෙනවා.

ගම්පහ – දාරළුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු ළඟ තිබී ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු 34ක් සහ නෝට්ටු 500ක් පොලීසිය සොයා ගත් අතර, ඒ පිළිබඳව අවධානය යොමුකරමිනුයි පොලිසියට දැනුම් දීම සිදු කරයි.

එම සිද්ධියේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා ව්‍යාජ මුදල් නෝට්ටු කිරීම සඳහා යොදාගත් පරිගණකය ඇතුළු උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු වූ විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළේය.

The post මුදල් නෝට්ටු ගැන අවධානයෙන් සිටින්න appeared first on Aruna.

Next Post

ශා. ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශයට සිරිල් ගාමිණීගෙන් පිළිතුරු

Thu Apr 14 , 2022
පාස්කු ඉරිදා ප්‍රහාරය වැලැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති විමර්ශකයින් සහ නීතිපති දෙපාර්තමේන්තුව නීතිය ක්‍රියාත්මක කිරීමට සැබවින්ම කැපවී සිටින්නේ නම් ඔවුන් නිදොස් කොට නිදහස් කරන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා කතෝලික සභාව අද ප්‍රශ්න කරයි. ප්‍රහාර සම්බන්ධයෙන්. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.