තරුණ අරගලයක් කියලා මෙය මර්ධනය කරන්න එපා

අරගලයේ ඉන්න ජනතාවට පණිවිඩයක්

රට තුළ මේ වන විට පවතින අරගලය තරුණයන්ගේ පමණක් මුළු මහත් ජනතාවගේ පීඩනයෙන් පැන නැගුණු මහා ජන අරගලයක් බව අද මුළු රටටම පෙනෙන බව එක්සත් ජාතික පක්ෂ වේදිකාවේ නායක රුවන් විජේවර්ධන පවසයි.

මේ වන විට පුද්ගලයෙකු පවතින අරගලය තරණයින්ගේ අරගලයක් ලෙස පෙනෙන බවත්, එය ඉතාම භයානක අනතුරක් බවත් ඔහු පෙන්වා දෙයි.

රුවන් විජේවර්ධන මේ බව අද මාධ්‍ය හමුවකට සහභාගී විය.

ඔහු තෝරා ගන්නා අදහස් දක්වමින්…

මේ වගේ ශිෂ්ඨ සම්පන්න සමාජයේ මිනිසුන්ට ශිෂ්‍ය ස්ථීර ලෙස පැවැත්වීමට අවශ්‍ය උත්සවය පවත්වන ලදී. ඒ නිසා ආණ්ඩුව මේ වගේ අරගලවලට බයයි. ඒ නිසා ම ආණ්ඩුව නිතරම බලන්නේ මේ වගේ අරගල දිය කරලා දාන්නේ කොහොමද කියලා. අවශ්‍ය මුදල් බලය, මැරබලය, රාජ්‍ය බලය, සංස්කෘතික බලය වැනි විවිධ වර්ගයේ බලයන් රජය යොදවනවා. මේ හැම එකකින්ම මේ අරගල ආරක්ෂා කරගන්න අරගලවලට නායකත්වය දෙන අය ආරකෂා කරගන්න අපි බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන.

දැන් අද මට පේන දෙයක් තමයි හැමෝම මේ අරගලය තරුණයින්ගේ අරගලයක් විදිහට පෙන්නනවා. පාර්ලිමේන්තුවේ උනත් අද කතා කරන පක්ෂ විපක්ෂ හැම දෙනාම මේ අරගලය හදුන්වන්නේ තරුණයින්ගේ අරගලයක් කියලා. මෙන්න මෙතන තියෙනවා හරි භයානක අනතුරක්. මේ වගේ පොදු මහ ජනතාව අතරෙන් පැන නැගෙන අරගලයක් තරුණයින්ගේ අරගලයක් කියන පටු තැනට සීමා කළොත් ආණ්ඩුවට හරිම පහසුවෙන් මේක මර්ධනය කරන්න ඉඩ පහසුකම් දෙන්න පුලුවන්. අපිට මේ සම්බන්ධයෙන් ඕනෑ තරම් පාඩම් තියෙනවා. 1971 දී ඇති වූ වුණු තරුණ අරගලයේදී එදා ආණ්ඩුවේ අර්ථකථනය කළේ ”නොමග ගිය තරුණයින්ගේ වැඩක්” කියලා. 88/89 කාලයේ ඇති වූ තරුණ නැගිටීමේදී ඒ සඳහා අර්ථකථනය කළේ ”අසහනයට පත් වූ තරුණයින්ගේ වැඩක් ”කියලා. ඒ විතරක් නෙවෙයි අපිට මතකයි 1963 දී ඇමරිකාව වියට්නාමය ආමන්ත්‍රණය කරන අතර ඊට වඩා විශාල තරුණ නැගීමක් සිද්ද වුණා. නමුත් ඇමරිකාව පාලනය කළ නික්සන් බව පැවසුයේ මේ හිපියෝ වගේ කොල්ලෝ ටිකක් සින්දු කිය කියාය. මෙන්න මේ වගේ තමයි ඉතිහාසයේදී ජන අරගල ඉතාමත් කපටි විදිහට පාලකයෝ මැඩ පැවැත්තුවේ.

ඉතින් අපි අපේ පාලකයින්ට මේ ජන ඒ අරගලය විදිහට මර්ධනය කරන්න පාර කපන්න ඕන. ඒ නිසා මම කරුණා කරලා හැමෝගෙන්ම ඉල්ලනවා මේ අරගලය තරුණ අරගලයක් විදිහට අර්ථකථනය කරලා ආණ්ඩුවට බොහෝම පහසුවෙන් මේක මර්ධනය කරන්න පාර කපන්න එපා කියලා. ආණ්ඩුව මේ අරගලය ජේ වී එකේ වැඩක් කියලා මුලින්ම හැදුවේ පී මෙන්න මේ වැඩේ. අන්න වැඩේ ඒ ලක්ෂාන්ගේ ජීවිත පරිත්‍යාගයත් එක්ක ආණ්ඩුවට තව සැප දෙන්න බැරි වෙනවා. මේක මුළු මහත් මහජනතාවගේ පීඩනය මත නැගුණු මහා ජන අරගලයක් කියන එක මුළු රටටම පේන්න තියෙනවා.

The post තරුණ අරගලයක් කියලා මෙය මර්ධනය කරන්න එපා appeared first on Aruna.

Next Post

DJ Kay Slay ගේ මහජන අනුස්මරණ සේවය ඇපලෝ රඟහලේදී පැවැත්වීමට නියමිතය

Wed Apr 20 , 2022
ආදරණීය නිව් යෝර්ක් DJ කේ ස්ලේ ඉරිදා (අප්‍රේල් 24) ඔහුගේ උපන් ගමේදී මිතුරන්, පවුලේ අය සහ රසිකයින් මහජන අනුස්මරණ සේවාවකට සහ පෙරහැරකට ආරාධනා කරන විට සංගීත වීරයකුගේ උපහාරයක් පිරිනැමේ. උත්සවය හාර්ලම් හි පුරාවෘත්ත ඇපලෝ රඟහලේදී පෙ.ව. 10 සිට මධ්‍යහ්නය දක්වා පැවැත්වෙන අතර ඊට පෙර නැගෙනහිර හාර්ලම් වෙත යාමට පෙර රථ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.