ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙත රුපියල් බිලියන 11කට අධික ලාභයක්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය 2021 වසර සඳහා දැවැන්ත බදු පෙර ලාභයක් අත්පත් කරගෙන තිබෙනවා.

මෙය එම ආයතනය ළඟා වූ ඉහළතම ලාභයක් වන තර, එය රුපියල් බිලියන 11.7ක් බවයි වාර්තා වන්නේ.

දේශයේ රක්ෂකයා ලෙසින් නම්කෙරෙන මෙම ආයතනය පසුගිය වසර සඳහා රුපියල් බිලියන 43.2 ක රක්ෂණ වාරික ආදායම් අගයක් වාර්තා කරමින් 9.7% ක විශිෂ්ට වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබෙනවා.

රට තුළ පැවති අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ වුව ද , සිය වත්කම් සම්භාරය රුපියල් බිලියන 268 දක්වා සහ ජීවිත අරමුදල රුපියල් බිලියන 152ක් දක්වා ඉහළ නංවාගනිමින් රටේ විශාලතම සහ ශක්තිමත්ම රක්ෂණ ආයතන‍ය ලෙස සිය ස්ථානය නැවතත් තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබීම සුවිශේෂියි.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය හේතුවෙන් අනෙකුත් රක්ෂණ ආයතන මෙන්ම ශ්‍රේණිගත කිරීම අසීරු අඩියක රඳා පැවතිය ද, දිගුකාලීන මුල්‍ය ස්ථාවරත්වය සඳහා ෆිච් ශ්‍රේණිගත කිරීම එලෙසින්ම පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබෙනවා.

Next Post

ප්ලැනට් ඩ්‍රම් වසර 15 කින් පළමු ඇල්බමය සමඟ නැවත පැමිණීමට: සුවිශේෂී

Thu Apr 28 , 2022
ප්ලැනට් ඩ්රම්Grammy සම්මානලාභී, Grateful Dead’s විසින් නායකත්වය දෙන සියලුම තරු සාමූහිකය මිකී හාර්ට් හා ලෝක සංගීතය කලාකරුවන් වන සකීර් හුසේන්, ජියෝවානි හිල්ඩාල්ගෝ සහ සිකිරු ඇඩෙපෝජු වසර 15කට පසු ඔවුන්ගේ පළමු ඇල්බමය සමඟ අගෝස්තු 5 වැනිදා නැවත පැමිණෙනු ඇත. Grove දී 1991 ස්වයං-මාතෘකාව සහිත නිකුතුවෙන් පසුව, එය සති 26 ක් ඉහළින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.