පෞද්ගලික අංශයේ රැකියා අනතුරේ

ව්‍යාපාරික සංගමයෙන් අනතුරු ඇඟවීමක්

අනාගත පුද්ගලික අංශයේ විශාල රැකියා වශයෙන් කඩාවැටීමක් සිදුවිය හැකි බව ව්‍යාපාරික සංගමය පවසයි.

දැනටමත් බොහෝ පිරිසකට රැකියා අහිමිවී ඇති බව එහි ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා සඳහන් කළේය.

ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ,

“දැන් අපි ගත්තොත් අද වෙනකොට අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය රටේ නිෂ්පාදනයක් ඇති වෙනවා. අත්යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය විශාල වශයෙන් රටේ නිෂ්පාදනයක් ඇති වේ. ඒ වගේම වෙළෙඳපොළ ක්‍රියාවලිය දිනෙන් දින නතර වෙනවා. ඒ විතරක් නෙමේ රැකියා වෙළෙඳපොළ විශාල කඩා වැටීමකට ලක් වෙනවා. පෞද්ගලික අංශයේ.”

“අපි දන්නවා ලංකාවට විශාල ලෙස විදේශ විනිමය ගෙන්වන ක්ෂේත්‍රයක් තමයි ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක.ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් ලක්ෂ තුනහමාරක් විතර තියෙනවා. නමුත් මාස 2ක් පමණ යන විටත් විශාල අවදානමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.”

“ඒ විතරක් නෙමේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ගත්තොත් ඉදිකිරීම් කර්මාන්තයේ දවස ගානේ මිල නිසා ලක්ෂ 10කට විතර රැකියා නැති වෙලා තියෙනවා. මේ ක්ෂේත්‍රයන් ගැන අවධානය යොමු කරන්න.”

“අද වන විට රජයක් තිබේ. රජයට වැඩ පිළිවෙලක් ඇත. එක් නිසා ජනතාව පාරට බැහැලා ඉන්නවා. ඒ වගේම විපක්ෂයට වැඩපිළිවෙලකුත් ඇතුලත්ව ඇත.”

“මුදල් අච්චු ගහද්දි කිව්වානේ රටේ උද්‍යෝගයක් වෙන්නේ නැහැ කියලා. මේක තමයි අපි දැන් මුහුණ දිලා තියෙන උද්දමන තත්ත්වය.”

The post පුද්ගලික අංශයේ රැකියා අනතුරේ appeared first on Aruna.

Next Post

බස් – ත්‍රිරෝද රථ ගැටී තුනක් මරුට

Sun May 1 , 2022
පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලම අසල දී අද අලුයම පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් තිදෙනකු මියගොස් ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.