රියැදුරු බලපත්‍ර ලබා දීම නවතියි

ලයිසන් ගන්න පාස් වූ ලක්ෂ 3 කට වෙච්ච දේ

රටේ පවතින ඩොලර් අර්බුදය නිසා රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමද වී ඇති මෝටර් රථ ප්‍රවාහන නිලධාරි නිලධාරි කාර්යාලය පවසයි.

ඒ අනුව රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට අදාළ පරීක්ෂණ සඳහා සමත්වූවන් ලක්ෂ තුනකට ආසන්න පිරිසකට මෙතෙක් රියැදුරු බලපත්‍ර නිකුත් කර නොමැති බව එම කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

මසකට රියදුරු බලපත්‍ර හැටදහසක් පමණ නිකුත් කරන බවත් 2021 දෙසැම්බර් මස සිට මේ දක්වා අලුතින් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි වී ඇති බවත් එම ප්‍රකාශකයා නිකුත් කර ඇත.

රියැදුරු බලපත්‍ර සඳහා ලක්ෂ දහයක් මිලදී ගැනීමට ඉල්ලුම්කර ඇතත් එම භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍ය ණය ලිපි නිකුත් කිරීමට අවශ්‍ය ඩොලර් නොලැබීම නිසා මෙම ප්‍රමාදය මතුව ඇති මෝටර් රථ ප්‍රවාහන නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයා සඳහන් කළේය.

The post රියදුරු බලපත්‍ර ලබා දීම නවතියි appeared first on Aruna.

Next Post

‘‘ඇමතිගේ තර්ජනවලට අපි බය නෑ‘‘

Sun May 1 , 2022
පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ බලපත්‍ර හැකිනම් අහෝසි කර පෙන්වන ලෙස අභියෝග කරන බවත් ලියාපදිංචි සංගමයක් ලෙස ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය බලශක්ති අමාත්‍යවරයාගේ තර්ජනවලට බිය නොවන බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා අද (1) පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.